Gossip

“උපත් පාලන කොපු” නඩු භාණ්ඩ විදියට ගේන්න එපා – ලංකාවේ පොලිසීවලට හදිසි පණිවුඩයක්

ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකකෙරන කාන්තාවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දීමක් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය මගින් අදාළ පණිවිඩය දැනුම් දී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ( නීති දිසාව), විනය හා කල් කිරීම් අංශයේ දැනුම්දීමකින් පසුවයි.

ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවක් උපත් පාලන කොපු සමග අත්අඩංගුවට ගත් බව දැක්වෙන ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව අවධානය යොමු වීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බවටද පොලිසිය පවසා තිබෙනවා.

රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලින් ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පාදඩ හා අයාල ආඥා පනත්වලට අදාළව චෝදනා ගොනු කරනු ලබයි. එහිදී සැකකාරියන් එම වෘත්තියේ නියැලුන බව සනාථ කිරීමට ඔවුන් සන්තකයේ උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ඔවුන්ට එරෙහි සාක්කි ලෙස සහ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම කරනු ලබයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!