Gossip

කොළඹ නයිට් ක්ලබ් එකේ අද පාන්දර වෙච්ච ඇබැද්දිය – අවුරුදු 24ක තරුණයෙකුත් අවසන් ගමන් යයි – ඡායාරූප

රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් පළමු මහලේදී අනතුරට ලක්ව යටි බිම් මහලට කඩා වැටී අනතුරට ලක්ව තිබෙනවා.

අද අලුයම 1.50 ට පමණ 9 වන මහළට ගමන් කරමින් තිබූ අදාළ සෝපානය මෙලෙස කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

එම විදුලි සෝපානයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ තලංගම උතුර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කෝකිල සමන්ද පෙරුම නම් තරුණයෙක්.

අනතුරට පත් අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටවගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!