Gossip

තත්පර 04කදී පැයට කිලෝ මීටර් 60ට රේස් කරන්න පුළුවන් – උපරිම වේගය 240යි – ලංකාවේ ප්‍රථම මෝටර් රථය මෙන්න

ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රථම මෝටර් රථය තමයි වේගා මෝටර් රථය කියලා කියන්නේ.

මේ වාහනය වෙළඳපොලට නිකුත් කරන්න යන්නේ කොට්ජන් සමාගම මගින්.

මේ සමාගම එංගලන්තයේ සමාගමක් වන අතර ට්‍රැවලින් කම්පැනිවලට මෘදුකාංග හදන එක තමයි එම සමාගමෙන් කරන්නේ.

ඉතිං එයාලා මේ වේගා මෝටර් රථය හදන වැඩේ පටන් ගන්නේ කොළඹ මරදාන ප්‍රෙදේශයේ තියෙන ට්‍රීපෝලි ගොඩනැගිලි සමූහයේයි.

මේ ව්‍යාපෘතිය භාර අරන් කටයුතු කරන ප්‍රධාන දෙදෙනා තමයි හර්ෂ සුභසිංහ සහ ආචාර්ය බේෂාන් කුලදාස.

මේ හැමෝගෙම අවසන් ඉලක්කය තමයි මේ වැඩේ කොහොම හරි සාර්ථකව අවසන් කරනවා කියන එක.

මේ වාහනයේ විශේෂත්වය තියෙන්නේ මේ වාහනය තනිකරම දුවන්නේ විදුලියෙන්. ඒ වගේම තමයි මේ වාහනයේ උපරිම වේගය පැයට කිලෝ මීටර 240 ක් වනවා.

මේ වාහනය තත්පර 04ක් ඇතුලත පැයට කිලෝමීටර 60ට රේස් කරන්න පුළුවන් වීමත් පැය 04ක් ඇතුලත මේ වාහනයේ බැටරිය ෆුල් චාර්ජ් කරගන්න පුළුවන් වීමත් මෙහි ඇති විශේෂත්වයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!