Gossip News

කොළඔ දත් රෝහලක කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

කොළඹ ජාතික දත් රෝහලෙන් කොවිඩ් ආසාදිත රෝගීන් දෙදෙනකු ප්‍රථම වරට ඊයේ (07 වැනිදා) දිනයේ දී වාර්තා වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කරයි.

මෙම රෝගීන් දෙදෙනාම ජාඇල සහ හැඳල ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර මුඛ පිළිකාවට ගොදුරුවූවන් බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 52ක පිරිමි පුද්ගලයකු හා වයස අවුරුදු 72ක කාන්තාවකට මෙසේ වයිරසය ආසාදනය වී ඇති අතර ඔවුන් හෝමාගම සහ මුල්ලේරියාව රෝහල් වෙත යැවීමට කටයුතු කළ බවද හෙතෙම කීය.

රෝහලේ හදිසි සේවාවන් පමණක් සිදු කරන නමුත් දත් සුද්ද කිරීම, පිරවීම වැනි සේවාවන් තවදුරටත් සිදු නොකරන බවද පැවසේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!