Gossip

දිවාගුහාව ගැන හොඳට දන්න සර්පයෙක්

මෙතෙක් කිසිවකුත් නොදැන සිටි 250දෙනෙකුට පමණ සිටිය හැකි සුවිසල් ගල්ගුහාවක් ශ්‍රීපාද අඩවියෙන් හමුවී ඇති බව පසුගිය මාර්තු පළවෙනිදා ලක්බිම පුවත්පත වාර්තාකොට තිබිණ. ඒ හෝඩුවාව ඔස්සේ අප මාධ්‍යවේදියෙක් පරිසරවේදියකුද සමග කුරුවිට ප්‍රදේශයේ සංචාරයක යෙදුණි. එහිදි ඔවුන්ට එම ප්‍රදේශයේ ගැමියන්ගෙන් දැනගත හැකිවූයේ අතීතයේ සුවිසල් ජලප්‍රවාහයක් අද්දරින් ගලාගිය බවට සලකුණු ඇති මෙතෙක් සොයා නොගත් මෙම ගල්ලෙන බුදුන්වහන්සේ දිවාවිහරණය කළ දිවාගුහාව ලෙසද සැලකිය හැකි බවට ඇතමුන් තුළ විශ්වාසයක් පවතින බවය.

නමුත් එය නිවැරදිව කිමට හැකි කිසිවකුත් එම ප්‍රදේශයේ නොවීය.අවසානයේ එම මිතුරන් දෙදෙනාට දැනගත හැකිවූයේ ඊට ආසන්න ගමක ජිවත්වන සර්පයා ‍නමැති පුද්ගලයකු මේ පිළිබදව හෝඩුවාවක් දැන සිටිය හැකි බවකි.එහෙත් කිසියම් පුද්ගලයකු සර්පයා යනුවෙන් හැදින්වෙන්නේ නිසක ලෙසම ඔහු විස සහිත කුරිරු ඇත්තකු නිසා බව මෙම දෙමිතුරන්ට රහසක් නොවීය. එහෙත් එම ප්‍රදේශයේ සියලුම දෙනා ඔහුව සර්පයා නමින් හදුන්වන බැවින් ඔහුගේ සැබෑ නම කිසිවකුත් නොදැන සිටියහ.එහෙත් දිවාගුහාව පිළිබදයමක් දැනගත හැකි එකම පුද්ගලයාද ඔහු වූ බැවින් ඉතා උපාය ශීලීව මෙම සර්පයා නමැත්තාගේ නිවසට ගොස් ඔහු මුණගැසීමට දෙමිතුරෝ සමත් වූහ.

ගැමියන් කී පරිදිම සර්පයා හැඩිදැඩි පෙනුමැති මැදිවියේ මිනිසෙකි. “මහත්තයලට කොහොමද මිනිස්සු මංගැන අහන්න කිව්වේ”. තම නිවසට ගිය ආගන්තුකයන්ගෙන් සර්පයා ඇසීය. ඒ වන විටත් ඔහුගේ සුරතේ තිබු තණකොළ කපන කැත්ත දෙමිතුරන් තුළ තිබෙන බිය දෙගුණ තෙගුණ කීරීමට සමත්විය.

“මිනිස්සු කියන්න ඇති සර්පයාගෙන් අහන්න කියලා නේද?”

“ඕ … ඕඕ… ව්” දෙමිතුරෝ ගොතගැසූහ.

“මේ පැත්තේ මිනිස්සු පුදුම විදිහට සර්පයෝ මරනවා. එහෙත් මං ඒකට කීයටවත් කැමති නැහැ. ඒ හින්දා මාව මේ හැම තැනම ප්‍රසිද්ධ කරලා තියෙන්නේ සර්පයෙක් දැක්කොත් වුව නොමරා පුලුවන් තරම් ඉක්මණට මට දැනුම් දෙන්න කියලා. එහෙම කළාම මමත් මගේ සේරම වැඩ නතර කරලා පුළුවන් තරම් ඉක්මණට ඒ සර්පයාව අරගෙන ගිහින් බොහොම පරිස්සමෙන් ඔයහිමේට (හෙතෙම සමනළ කදුවැටිය දෙසට අත දිගුකළේය) අතඅරිනවා. හැමෝම මට සර්පයා කියන්නේ ඒකයි”ඔහු අහිංසක ලෙස සිනාසුනි.

එමෙන්ම එවන් ගල්ගුහාවක් පිළිබදව යම් හොඩුවාවක් එම දෙමිතුරන්ට ඔහුගෙන් දැනගැනීමටද හැකි විය.

සහන් සංකල්ප සිල්වා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!