Gossip News

ඇඟලුම් කම්හල්වලට චීනයෙන් ගුවනෙන් රෙදි

ඇඟලුම් කර්මාන්තය සඳහා ඩොලර් බිලියනක රෙදි චීනයෙන් ගුවන් මගින් ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙස ඇඟලුම් කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේ.

දැනට මෙම රෙදි සඳහා ඇනවුම් ලබාදී ඇති බවත්, ඒවා නැව්ගත කිරීමට තවත් මාසයක පමණ කාලයක් ගතවන බව කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඇනවුම් කළ මෙම රෙදි තොගය දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ.

වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම නිසා චීනයේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇත. එම නිසා ගුවන් මගින් රෙදි ගෙන්වීම සඳහා අවශ්‍ය අවසරය ලබාදෙන ලෙසත්, ප්‍රමාදයකින් තොරව රේගුවෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලෙසත් කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

තවද පවතින තත්ත්වය හමුවේ ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා සහන කාලයක්ද අවශ්‍ය බව පෙන්වා දී තිබේ. ඇඟලුම් කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට නම් සේවක සේවිකාවන් වැඩි කාලයක් සේවයේ යෙදවීමේ අවශ්‍යතාවද කර්මාන්තකරුවන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත. කම්කරු අණපනත් හේතුවෙන් කම්කරු ශ්‍රමය වැඩි කාලයක් ලබාගැනීමට නොහැකිය. වැඩි කාලයක් කම්කරු ශ්‍රමය ලබාගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙසද කර්මාන්තකරුවන් ඉල්ලා ඇත. කම්කරු ශ්‍රමය වැඩි කාලයක් ලබාගැනීමේදී අවශ්‍ය වැටුප් සහ දීමනා නියමිත පරිදි ගෙවීමටද කර්මාන්තකරුවන් පොරොන්දු වී ඇත.

මෙම කරුණු අනාවරණය වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හමුවූ අවස්ථාවේදීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!