Gossip

එකම පවුලේ 10ක් මරු කැඳවූ වෑන් රියේ සිදුවුණු පිපිරීමක් ගැන හෙළිදරව්වක්(වීඩියෝ)

1

යාපනය චාවකච්චේරි සංගානෙයි දුම්රිය ස්‌ථානය ආසන්නයේදී පසුගියදා සිදුවූ මාරක රිය අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර එම අවස්ථාවේදී වාහනය ගැටුණු ලංගම බස් රථයේ රියදුරු එම අවස්ථාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පවසා තිබෙනවා.

මෙම අනතුරින් මියගිය අය අතර එකම පවුලේ දස දෙනකු ඇතුළු එකොළොස්‌ දෙනකු වනවා. සිද්ධියෙන් 21 දෙනෙකු තුවාල ලබා ඇතැයිද දැනගන්නට ලැබෙනවා.

මෙම අනතුරින් මියගිය අය අතර කොළඹ ජාතික රෝහලේ විශේෂ ශ්‍රෝණියේ හෙද නිලධාරිනියක, එම රෝහලේම ප්‍රධාන භෞත චිකිත්සකවරයකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු හා විශ්‍රාමික දුම්රිය සේවකයකු වන බව චාවකච්චේරි පොලිසිය කියයි.

අනතුරින් මියගිය අය අතරේ කාන්තාවෝ හය දෙනෙක්‌ හා පිරිමි පස්‌දෙනෙක්‌ වෙති.

තුවාල ලැබූවන් යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව එම රෝහල් ප්‍රකාශකයෙක්‌ සඳහන් කර සිටියා.

මියගොස්‌ ඇත්තේ හොරණ, මිල්ලනිය පදිංචිව සිටි වඩිප්පිලි ආරච්චිලාගේ ගුණරත්න (52), වඩිප්පිලි ආරච්චිලාගේ දයාවතී (53), ලහිරු මධුසංඛ (25) වෑන් රථයේ රියෑදුරු වන උපුල් වසන්ත කුමාර ඉන්ද්‍රජිත්, වඩිප්පිලි ආරච්චිලාගේ චන්ද්‍රdවතී, එම්. එම්. නන්දසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ ගුණසිරි, වඩිප්පිලි ආරච්චිලාගේ නන්දාවතී, යකුපිටියගේ සුමනාවතී, වඩිප්පිලි ආරච්චිලාගේ දයාරත්න සහ මාතලේ පදිංචිව සිටි සුජිත් ප්‍රසන්න යන එකොළොස්‌ දෙනායි.

මෙම පිරිස හොරණ මිල්ලනිය සිට යාපනය විනෝද චාරිකාවක්‌ බලා ගමන් අරඹා තිබුණේ 16 වැනිදා රාත්‍රි 10.00 ට පමණය.

එසේ පිටත්වූ පිරිස අනුරාධපුරයට ගොස්‌ ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගෙන යළි යාපනය ඒ – 9 මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුර සිදුවී ඇතැයි පොලිසිය කිSය.

වෑන් රථ රියදුරු ඉතා අධික වේගයෙන් රථය පදවා ඇති අතර ඒ යන අවස්‌ථාවේ වෑන් රථයේ ටයරයක්‌ පිපිරී ගොස්‌ එක්‌වරම රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස්‌ යාපනයේ සිට වව්නියාව බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‌ රථයේ හැපී ඇතැයි මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම ස්‌ථානයේදීම වෑන් රථයේ සිටි පුද්ගලයන් දසදෙනකු මරුමුවට පත්වී ඇති අතර අනෙක්‌ පුද්ගලයා යාපනය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කරන අවස්‌ථාවේ මියගොස්‌ ඇත.

වෑන් රථයේ ගමන් ගත් තවත් දෙදෙනකු හා බස්‌ රථයේ ගමන් ගත් 19 දෙනකු රෝහල්ගත කළ අතර ඒ අය අතරින් වෑන් රථයේ ගමන් ගත් දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

අනතුරින් මියගිය එකෙළොස්‌ දෙනාගේ මෘත ශරීර යාපනය ශික්‌ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ ඊයේ යාපනය ශික්‌ෂණ රෝහලේදී සිදු කෙරිණි.

පසුව එම මෘත දේහයන් හොරණ, මිල්ලනිය ප්‍රදේශයෙන් පැමිණි ඥතීන්ට භාරදීමට රෝහල් බලධාරීහු කටයුතු කළහ.

මෙම අනතුර සම්බන්ධයෙන් සිද්ධිය විස්‌තර කරමින් ලංගම බස්‌ රථයේ රියෑදුරු මෙසේ කීය.

”මම බස්‌ රථය යාපනය සිට ඒ 9 පාරේ වව්නියාව බලා පදවා ගෙන පැමිණියා. මම බස්‌ එක සමාන්‍ය වේගයෙන් එලෙව්වේ. බස්‌ එකේ මගීන් තිස්‌ පහක්‌ විතර හිටියා. මම නිවැරදි මාර්ගයේ බස්‌ රථය අරන් ආවා. ඒ වෙනකොට චාවකච්ෙච්රිය හරියේදී වෑන් එකක්‌ වේගයෙන් මගේ පැත්තට එනවා මා දැක්‌කා. බස්‌ රථය ඉවතට ගන්න හදනවාත් එක්‌කම වෑන් එක බස්‌ එකේ හැප්පුනා. මටත් තුවාල වුණා. බස්‌ එකේ හිටපු මගීන්ද තුවාල ලබා සිටියා. වෑන් එකේ අය හිරවෙලා හිටියා.”

වෑන් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ලංගම බස්‌ රථයේ ගැටෙන දර්ශන අසල වූ සී. සී. ටී. වී. ආරක්‌ෂක කැමරාවක පටිගත වී ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් වෑන් රථයට හා ලංගම බස්‌ රථයට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි. මෙම අවාසනාවත්ත රිය අනතුරත් සමඟ හොරණ, මිල්ලනිය ප්‍රදේශයම එකම මළගමක්‌ බවට පත් වී ඇත.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!