Gossip

“ලොකු පුතාව එයාගේ අම්මට භාර දුන්නා, මටත් දැන් අමාරුයිනේ එයාගේ පස්සෙන් ඉන්න..” – චතුරිකා පීරිස් – Photos

ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පිරිස් කියන්නේ පුංචි තීරයේ ආදරණීය පෙම් යුවළක්. ඒ වගේම ඔවුන් සැබෑ ජීවිතයේත් පෙම්වතුන් වුණා.
ගයාන් සහ චතුරිකා නිතර දකින්න නොලැබුණත් ඔවුන්ගේ ජනප්‍රියත්වයේනම් කිසිම අඩුවක් නෑ.
මේ දෙන්නගේ අලුත්ම තොරතුරු චතුරිකා මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණා.

චතුරිකා අලුත් පදවියකට සූදානම් වෙලා කියලා ආරංචියි?
ඔව්, ගයාන්ගෙයි මගෙයි ජීවිතයට දරු පැටියෙක් එකතු වෙන්න යන්නේ. එයා අපි අතරට එන්න ඉන්නේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඒ වෙනුවෙන් හරි ආසාවෙන් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා. දරුවාගේ බඩු මුට්ටු ලෑස්ති කරමින් එයාට හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කටයුතු මේ දවස්වල සකස් කරමින් ඉන්නවා.

දුවෙක්ද පුතෙක්ද බලාපොරොත්තුවෙන් ඉන්නේ?
ගයාන් කැමැති දුවකට. ඒ නිසා මමත් දුවකට කැමැත්තෙන් ඉන්නවා. පළමු සැරේ ස්කෑන් කරලා බැලුවාම කිව්වෙත් දුවක් ලැබෙන්න ඉන්නේ කියලා. දෙවැනි ස්කෑන් එකෙන් තමයි දුවක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන්. දුවක් වුණත් පුතෙක් වුණත් අපිට වටිනවා.

අලුත් ආරංචිය එක්ක ගයාන්ටයි ඔබටයි සුබ පැතුම් ගලාගෙන එන්න ඇති?
ඔව්, ගොඩාක් අය කතා කරලා සුබ පැතුවා. වෙබ් සයිට් එකක දාලා තිබුණා මට බබා ලැබිලා කියලා. ඉතින් ගොඩක් අය ඒක ඇත්ත කියලා හිතලා කතා කරලා සුබ පැතුවා.

අලුත් අමුත්තෙක් පවුලට එකතු වෙන්න යද්දී ගයාන් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ කොහොමද?
එයා රූගතකිරීම්වලට දුර ගියත් මමත් එයත් එක්කම යන්න ඕනේ. පසුගිය දවස්වල රූගත කිරීම්වලට සතියක් විතර මමත් එයත් එක්ක නුවර හිටියේ. මාව තනියම ගෙදර තියලා යන්න එයා බයයි. ඒ නිසා එයාගේ පස්සෙන්ම මම යන්න ඕන. ඒ වගේම දරුවා වෙනුවෙන් එයා හැමදේම සූදානම් කරනවා. ගන්න ඕන රැක් එකේ ඉඳන්ම තීරණය කරලා තියෙන්නේ. දුවක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තාම රෝස පාට බේසමකුත් අරගෙන ඇවිත් තිබුණා. එයා හැම දෙයක්ම තෝරාගෙන තියෙන්නේ රෝස පාටින්. කොටින්ම කිව්වොත් එයා දුවට නමකුත් දාගෙන ඉන්නේ.

පූර්ණිකා (නංගි) පවුලට එකතු වෙන අලුත් සාමාජිකයා නිසා ඔබ ගැන හොයලා බලනවාද?
ඔව්, හොයලා බලනවා. මුල් දවස් ටිකේ නම් නිතරම ආවා. මේ දවස් ටිකේ නම් එයාගේ පුතාගේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.
නංගිට රසට උයන්න පුළුවන්. ඉතින් එයා මාළු එහෙම හදලා ගෙනත් දෙනවා. එයාට කියලා රසට බත් එකක් උයාගන්න ඕනේ.

දරු පැටියෙක් එක්ක ජීවිතයට එකතු වෙන්නේ ලොකු වගකීමක් නේද?
ඔව්, මම මුල ඉඳන්ම වගකීම් දරන්න කැමැත්තෙන් හිටපු කෙනෙක්. වගකීමක් ලැබුණාම මම ඒක සියයට සියයක් ඉෂ්ට කරනවා.
මම වැඩ වැඩි වෙනවට කැමැතියි. දරුවා ලැබුණාම තවත් වැඩ වැඩි වෙයි. මම ඒකට කැමැතියි. මම හැම දෙයක්ම සුබවාදීව දකින කෙනෙක්. ඉතින් දරුවා වෙනුවෙනුත් අපේ වගකීම් අපි ඉෂ්ට කරනවා. මම මේ මෑතක් වනතුරු ගෙදර වැඩ පවා මගේ අතින්ම කළේ. ඒක ඇඟටත් හොඳයි.
මට ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා වගකීම් ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා.

දරු පැටියා ජීවිතයට එකතු වුණාම ඔබට කාලයක් නිවාඩු ගන්නත් වෙයි.?
සමහරු කියනවා මට ගොඩක් කල් වැඩ කරන්න බැරිවෙයි කියලා. ඒත් රජයේ රැකියාවක් කරන මවක් වුණොත් එයාට මාස තුනකින් රැකියාවට යන්න වෙනවනේ.
අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය නැත්නම් වැඩ නොකර ඉන්න පුළුවන්. නැත්නම් කාලය හදාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුළුවන්.

ඉක්මනින් වැඩ පටන් ගන්නවට ගයාන් කැමැති වෙයිද?
එයා මාව හැමදේටම පුදුම විදියට උනන්දු කරනවා. මම ගිය අප්‍රේල් මාසේ වෙනකල් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා.
නර්තන ප්‍රසංගවල නැටුවා. එයා කිසි දෙයක් එපා කියන්නේ නැහැ. පරිස්සමෙන් හැමදේම කරන්න එයා මාව උනන්දු කරනවා. වෙන කෙනෙක්නම් කියනවනේ ‘මොළේ හොඳ නැද්ද නටන්න යන්න එපා’ කියලා. ඒත් ගයාන් එහෙම නැහැ. මම බෑ කිව්වත් ඕනම දෙයක් මට පුළුවන් කියලා එයා මාව උනන්දු කරනවා. දෙසැම්බර් ඉඳන් වැඩ කරන්න පටන් ගන්න කියලා තමයි එයා කියන්නේ. ඒක මට කරන්න පුළුවන් කියලා හැමවෙලාවෙම උනන්දු කරනවා.

ගයාන් චතුරිකාව ගෙදරට කොටු කරන එකක් නෑ වගේ?
ගයාන් එහෙම ප්‍රතිපත්තියක නැහැ. හැබැයි මම එයාගේ දේවල් කරලා දෙන්න ඕනේ. මම රූගත කිරීම්වලට ගියත් එයාගේ වැඩ කරලා දීලා තමයි යන්නේ.
අපි වැඩ කරද්දී බෙදාගෙන කරන්නේ. එයා වැඩ කරන දිනවලට මම වැඩ කරන්නේ නැහැ. කලාතුරකින් තමයි අපි එකම දිනවල වැඩ භාරගන්නේ. අපි හැමදේම බෙදාගෙන වැඩ කරනවා. ගයාන් කවදාවත් මට කියලා නැහැ ගෙදරට වෙලා ඉන්න කියලා. එයා කියන්නේ මාස් පඩිවලට වැඩ කරන කෙනෙක් වුණානම් ඔයාටත් මාස තුනකින් වැඩට යන්න වෙනවනේ. ඒ නිසා ඔයාට ඉක්මනින් වැඩ කරන්න පුළුවන් කියලා.

එහෙනම් චතුරිකා ලොකු කාලයක් රංගනයට නිවාඩු දෙන්නේ නැද්ද?
වැඩි කාලයක් රංගනයෙන් ඉවත්වෙලා ඉන්න අදහසක් නැහැ. බාගෙට ඉවර කරපු නාට්‍ය දෙකක් තියෙනවා.
ඒ නාට්‍ය දෙකේ වැඩ බබා ලැබුණාට පස්සේ පටන්ගන්න ඕනේ. ඒ වගේම ජනවාරි මාසේ චිත්‍රපටයක රූගත කිරීම් පටන්ගන්න තියෙනවා. බබා ලැබුණාට පස්සේ චිත්‍රපටවලට මුල් තැන දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම හොඳ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණොත් ඒවටත් සම්බන්ධ වෙනවා.

රංගනයයි පවුලට වෙන් කරන කාලයයි කළමනාකරණය කරගන්න පහසු වෙන එකක් නෑ නේද?
ඔව්, ඒක පහසු වෙන එකක් නැහැ. කොහොමත් බබා ලැබුණාට පස්සෙ අවුරුද්දක් දෙකක්වත් යනකල් ගොඩක් කාර්යබහුල වෙයි.
මම භාරගත්ත වැඩ ටික කොහොමත් කරලා දෙන්න ඕන. ඉදිරියට වැඩ භාරගනිද්දී උදේ පහ රෑ දහය වගේ වැඩ භාරගන්න බැරි වෙයි. දැනටත් මම තෝරා බේරාගෙන වැඩ කරන්නේ. දැන් තෝරාගන්නත් නිර්මාණ අඩුයි. කොහොම වුණත් හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන්.

ගයාන්ගේ ලොකු පුතා හිටියේ ඔයාලා ළඟනේ. දැන් ලොකු පුතා කෝ?
පුතා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන නිසා එයාව එයාගේ අම්මට භාර දුන්නා. දැන් එයා ලොකු ළමයෙක්. ඒ නිසා එයා ගැන ඇහැ ගහගෙන ඉන්න වෙනවා. මටත් දැන් අමාරුයිනේ එයාගේ පස්සෙන් ඉන්න. ඒ නිසා පුතා එයාගේ අම්මා ළඟම ඉන්න එක තමයි හොඳම.

නිෂ්පාදන කටයුතු පැත්තෙන් අලුත් යමක් වෙනවාද?
දැනට නම් මොනවත් කෙරෙන්නේ නෑ. දැන් රටේ තිබෙන තත්ත්වය එක්ක මොනවත් ආයෝජන කරන්න බෑ.
මේ රටේ සමාජීය වශයෙන් ආර්ථිකමය වශයෙන් ස්ථාවර තත්ත්වයක් ඇති වෙනකල් තියෙන මුදල් ටික තියාගෙන ඉන්න එක තමයි හොඳ.
මොකද දැන් මේ රටේ තත්ත්වය අච්චාරුවක් වෙලා. කටුස්සෝ වගේ ආයතනවල නිලධාරීන් මාරු වෙනවා. ඒ නිසා රට ස්ථාවර මට්ටමකට ආපු දවසකට මුදල් ආයෝජනය කරනකල් භාරගත්ත වැඩ ටික කරගෙන ෂේප් එකේ ඉන්නවා.

මොනවද ඉදිරිය ගැන තියෙන සැලසුම්?
රංගන වෘත්තිය දිගටම කරගෙන යනවා. අවුරුදු දෙකක් විතර රටේ තත්ත්වය බලනවා. අපේ වෘත්තියේ යම් ස්ථාවරත්වයක් මුලින් තිබ්බා. දැන් ඒක නැහැ. ඒ නිසා ස්ථාවරත්වය ගැන බලලා නිෂ්පාදන කටයුතුවලට අතගහනවද නැද්ද කියලා තීරණය කරනවා. එහෙම නැති වුණොත් වෙන ව්‍යාපාරයක් ගැන හෝ විදෙස්ගත වෙන එක ගැන හිතනවා. ගයාන් නම් රට දාලා යන්න කැමැති නැහැ. එයා මේ රටට ආදරෙයි. ඒත් දරුවෙක් ලැබුණාම අපි එයාගේ අනාගතය ගැනත් හිතන්න ඕනනේ. ඒ ගැන හිතලා තීරණයක් ගන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!