Gossip

හිතක් පපුවක් නැති තිරිසන් මිනිසුන්ගේ පව්කාර වැඩ නිසා මියගිය චාලිගේ කතාව – Video & Photos

අද ජීවත් වෙන සම+හරක් මිනිස්සු ළඟ තියෙන්නේ තිරිසන් ගති..
මනුස්සකමක් ගෑවිලාවත් නැති මිනිස්සු කරන සමහර වැඩ බලාගෙන ඉන්න වගේම දරාගෙන ඉන්නත් හරිම අමාරුයි.
මේ කියන්න යන්නෙත් මේ දවස්වල හැමෝම වගේ කතාවෙන ඒ වගේ සිද්ධියක් ගැනයි.
මීගමුව – කොප්පරාහන්දිය පැත්තේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකුට ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් ගැන අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
මේ අවාසනාවන්ත සිදුවීම ගැන මේ වෙද්දිත් පොලිසිය පරීක්ෂණ පටන් අරන්.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේදී භූමිතෙල් දමා “චාලි” නමැති ලැබ්‍රඩෝ වර්ගයේ මෙම සුනඛයා මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සිද්ධියට නිවෙස් හිමියන්ගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මේ සිදුවීම ගැන මුහුණුපොතේ මෙවැනි සටහනක්ද තබා තිබුණා.

මේ 2019 ආරම්භයේ දැකපු ඛේදවාචකයක්!!

අවුරුදු 2ක් පමණ වයසැති මේ ලැබ්‍රඩෝග් වර්ගයේ සුනඛයා අද පාන්දර කුඩුව අතුලේදිම පණ පිටින් කිසියම් තිරිසන් මිනිසෙකු/මිනිසුන් විසින් ගිනි තබා තිබෙනවා.මේ සිදුවීම මීගමුව ප්‍රදේශයේ සිදුවි ඇත්තේ. දරුනු ලෙස පණ පිටින් අමු අමුවේ පිලිස්සුනු මේ අහින්සකයා මේ වන විට මිය ගිහින්.

මේ සිදුවීම මිනිසෙක්ට වුනානම් නීතිය,සාධාරණය ගැන ඕන තරම් තර්ක පහල වේවි.
හිතන්න. මේත් ජීවිතයක්. වල් බල්ලෙක්ද, හොද බල්ලෙක්ද,හරකෙක්ද, පුසෙක්ද,අලියෙක්ද,ඌරෙක්ද, කුකුලෙක්ද කියන එක නෙමෙයි. මේ අපෙන් අයින් වෙන මනුස්සකම. සතෙක් ගැන පහල නොවෙන කරුණාව කිසිම දවසක ඔබ කෙරෙහි,ඔබේ දරුවා කෙරෙහි ඇති වේවිද.

තිරිසන් මිනිසාට මිනිසත්කම බලෙන් පෙවිය නොහැකි වුවත් නීතිය සතුන් වෙනුවෙන්ද ක්‍රියත්මක විය යුතුයි. මේ වෙනුවෙන් දණ්ඩන නීති පැනවිය යුතුයි.

මේ අපරාධය කරපු තිරිසන් මිනිසා කොහේ හෝ අවුරුදු සමරනව ඇති.සතුටු වෙනව ඇති. යාලුවා… ඔබ වෙනුවෙන් මගේ ප්‍රාර්ථනය මෙහි කර්මය ඔබ වෙත ඉක්මනින් පැමිණේවා!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!