Gossip

2019 නව වසර උදාවෙද්දී රෝමය පුදුම කරවමින් උපත ලැබූ ලංකාවේ දරුවාගේ කතාව මෙන්න

2019 වසර උදාවත් සමග ඉතාලියේ රෝම නගරයේ ඉපදුනු දරුවන් සිව්දෙනාගෙන් එක් අයෙක් ශ්‍රී ලාංකික මව්පියන් යුවළකට උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නව වසර උදාවී මිනිත්තු 12 යි තත්පර 10ට මෙම දරුවා ඉපදී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.ක
රෝමයේ සාන්ත පිලිප් නේරි රෝහලේදී එම දරුවා උපත ලබා තිබුණා.
වසර ගණනාවක සිට ඉතාලියේ රෝමයේ සාන්ත පියෙත්‍රා ප‍්‍රදේශයේ ජීවත්වන ප‍්‍රසාද් බණ්ඩාර සහ මධුභාෂිණි යාපා යුවළට දාව මෙම දරුවා ඉපදි තිබෙනවා.
මෙය ඉතාලියට ගෞරවයක් වශයෙන් දරුවාට ‘ඉතලෝ බණ්ඩාර ‘ ලෙස නම් තබා ඇති බව සඳහන් වනවා.
හොරණ ප්‍රදේශයේ පදිංචි මොවුන් රැකියාව සඳහා ඉතාලියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දරුවා ඉපදුනු පසු ශ්‍රී ලාංකික දෙමාපියන්ට සුබ පැතීම සඳහා රෝම නගරාධිපතිනී වර්ජිනියා රෙජ්ජි මහත්මියද රෝහලට පැමිණි බව ඉතාලි මාධ්‍ය වාර්තා පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!