Gossip

වසර 48කට පසු චන්දිමාල් ඉතිහාසගත වුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඉන්දියාවේ කොල්කටා හි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

එහිදී තරඟයේ කාසියේ වාසිය ලබාගැනීමට දිනේෂ් චන්දිමාල්ට හැකිවූ අතර ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔහු තීරණය කළා.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සිටියේ 1969න් පසු මෙම ක්‍රීඩා පිටියේ පැවති ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා මුළින්ම පන්දු යැවීමට තීරණය කළ දෙවන අවස්ථාව මෙය බවයි.

එමෙන්ම මෙම ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවන්ට ලකුණු ලබාගැනීමට හිතකර තණතිල්ලක් ලෙසයි සැළකෙන්නේ.

1996 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය මෙම ක්‍රීඩා පිටියේ පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ පළමුව පන්දුවට පහරදීමෙනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!