Gossip

නෙළුම් කුළුණේ සමරන්න හදපු චන්දිමාල්ගේ උපන්දින පාටිය අවලංගු වෙයි – මෙවර උපන්දිනය සමරන විදිහ හෙළි කරයි

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය පසුගිය වසරේ බොහෝ සෙයින් කතාබහට මාතෘකාවක් වුණා.

මෙවර එම උපන්දින සාදය පවත්වන්නට සැළසුම් කර තිබුණේ නෙළුම් කුළුණේ වුවත් එය චන්දිමාල් ජයසිංහ විසින් අවලංගු කර තිබෙනවා.

ඒ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. කෙසේවෙතත් මෙම ප්‍රහාරයෙන් මියගිය අය සිය උපන්දිනය දිනයේ සිහිපත් කරන්නට චන්දිමාල් ජයසිංහ අමතක කර නැහැ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට පිං අනුමෝදන් කරමින් ධර්ම දේශනාවක් මල් 1000 හා පහන් 1000 ආමිස හා ප්‍රතිපත්ති පුජා සිය උපන්දිනය යෙදී ඇති මේ මස 31 වන දිනයේ ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කර ඇති බවට සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!