Gossip

මුස්ලිම් පිරිසක් එක්වී තව්හිද් ජමාත් සංවිධානයේ පල්ලියක් කඩා දමයි – ඡායාරූප සහිතයි

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට කැකිරාව මුස්ලිම් ජනතාව පියවර ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන පල්ලියේ කොටස් කඩා බිඳ දමා ඇති අතර අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා තිබෙන බවට වාර්තා වනවා.

ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවද තවුහිද් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවයි.

එමෙන්ම මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ බවත් මෙම තත්ත්වය නිසා ඔවුන්ට සමාජයේ දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බවත් සඳහන් කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!