Gossip

චන්දිමාල්ගේ ජය පිටුපස සැඟවුණු මෑණියන්ගේ රහස එළියට ! – Photos

ශ්‍රි ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහනය තියුණු තරඟයක් ලබා දී ශ්‍රි ලංකාව සතු කර ගැනීමට ඊයේ සමත් විය. පිට පිට පරාජය වෙමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහනය ක්‍රිකට් ලෝලීන්ට අස්වැසිල්ලක් විය. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වල කාතා බහට ලක් විය. තරඟය තියුණුම අවස්ථාවක තිබියදී රංගන හේරත්ගේ දක්ෂ පන්දු යැවීමේන් ලබා ගත් කඩුලු ප්‍රමාණය නිසා ජයග්‍රනය ශ්‍රි ලංකාව සතුවිය.

මෙම තරගයේ ජයග්‍රහනය පිළිබඳව මෑණියන් නම් හැදින්වෙන කාන්තාවක් සිය ෆේස් බුක් ගිණුමෙහි තැබූ සටහන් හේතුවෙන් සමඟ සමාජ මාධ්‍යජාල වල ආන්දොලනාත්මක කතාබහක් ඇති විය. මෑණියන් නමින් හැදින්වෙන්ම කාන්තාවෙගේ ආශිර්වාදය නිසා මෙම ජයග්‍රහනය අත් වු බව එම් ෆේස් බුක් සටහනේ සඳහන්ව ඇත.

දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹයේ සාර්ථකත්වයටද මෑණියන්ගේ ආශිර්වාර්දය බලපෑ බව සඳහන් කර තිබේ. මෑණියන් එම සටහන තබා ඇත්තේ දිනේෂ් චන්දිමාල් සමග ගත් ඡායරූපයක් එකතු කරමින්ය. මේ මෑනියන් සඳහන් කළ ෆේස් බුක් සටහනයි.

” දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ.අදින් පසු ලාංකේය ක්රිකට් ක්රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා. ”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!