Gossip

වගුරු බිමක ඉදිකළ පැළක ජීවත්වුණු පිරිසකට ෆේස්බුක් එකෙන් තරුණයෙක් කරපු වැඩේ මෙන්න

මීට වසරකට පමණ ඉහතදී කැළණිය එඩේරමුල්ල දුම්රියපොළ ආසන්නයේ වගුරු බිමක කණු කිහිපයක් මත ඉදිකළ පැල් කොටයක ජීවත් වන පවුලක් පිළිබඳව ෆේස්බුක් සමාජජාලය තුළ දැඩි කතාබහට ලක්වුණා.

ඉතින් චානක මධුෂංඛ නම් තරුණයෙක් මෙම පවුලට නව නිවසක් තනාදීමේ වගකීම භාරගෙන ඒ වෙනුවෙන් වැඩකටයුතු කර තිබෙනවා.

ෆේස්බුක් සමාජජාලය හරහාම හදුනාගත් පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් ඉතා සුන්දර නිවසක් ගොඩනැගීමට ඔහු සමත්වී ඇති අතර එය එළඹෙන 11 වනදා සුභ මොහොතින් එම පවුලට භාර දෙනවා.

කඩවත නුවර පාරට මීටර් 200ක් පමණ ආසන්නයේ පර්චස් 10 කට වඩා වැඩි ඉඩම සමග නිවසට කාමර දෙකක්, සාලය, කුස්සිය, බාත්රූම් එක ඉදිරිපස කොටස සහිත අංග සම්පූර්ණ මෙම නිවස ගෘහ භාණ්ඩ සහ ඉඩම සහිතව ලක්ෂ 35ක පමණ වටිනාකකින් යුක්ත වෙනවා.

පුංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් එම දිළිඳු පවුල එඬේරමුල්ල වගුරුබිමේ කණු මත නිවසක් ඉදිකරගෙන අවුරුද්දකට ඉහතදී ජීවත්වන විට එන අවුරුද්දේ ඔවුන් හට නව නිවසක ජීවත් වීමේ වාසනාව ලැබෙයි කියා ඔවුන් හීනෙන්වත් හිතන්නට ඇති.

ෆේස්බුක් යනු ආතල් ගැනීමට පමණක් භාවිතා කරන අය අතර මෙවැනි උතුම් සමාජ සත්කාර සඳහා මෙය යොදාගන්නා පිරිසුත් ඉන්නවා.

18950999_10203253754582671_4300103373419299854_n-1 18920702_10203253768023007_7750000155350830599_n 18920240_10203253768103009_225481223111874024_n 18881885_10203253756062708_3312715813743557158_n 18882238_10203253754382666_5520618307728777312_n 18950999_10203253754582671_4300103373419299854_n 18557173_10203253757902754_5302170187051985309_n 18301661_10203134235114759_3128063586280890761_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!