Gossip

අන්තර්ජාලය කැළඹූ ආදරණීය ගායක චාමර වීරසිංහගේ නිහතමානීකම – Photos

නිහතමානී සරල මිනිස්සු අද සමාජයේ ගොඩක් අඩුයි.
හැබැයි අපි මේ කියන්න යන්නේ කවුරුත් දන්න කාගේත් ආදරය දිනාගත්තු ඒ විදිහේ නිහතමානී චරිතයක් නිසයි.
ඔහු නමින් චාමර වීරසිංහ.
චාමර තමන්ගේ නිහතමානීකම නිසාම ජනප්‍රියත්වයකට පත්වූ ගායන ශිල්පියෙක්.
මේ දවස්වල අන්තර්ජාලය පුරාම අපූරු සිදුවීමක් නිසා ඔහු ගැන කතාවෙන්න පටන් අරන්.
චාමර සහභාගී වූ ප්‍රසංගයක් නැරඹීමට පැමිණි රසිකාවියකට වෙනත් ගායකයෙකු සමග ඡායාරූපයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙනවා.
ඒ මොහොතේ එම ගායකයා සිට තිබෙන්නේ චාමර වීරසිංහ සමගයි.
පසුව එම රසිකාවියට තමන්ගේ ප්‍රි‍යතම ගායකයා සමග ඡයාරූපයක් ගෙන දීමට ඡයාරූප ශිල්පියෙකු ලෙස ක්‍රියා කිරීමට තරම් චාමර වීරසිංහ නිහතමානීව තිබෙනවා.
මෙම සිදුවීම පිළිබදව සමාජජාලා වෙබ් අඩවි වලින් අදහස් දක්වන පිරිස් පවසන්නේ වෙනත් ගායකයෙක් චාමරගේ ස්ථානයේ සිටියා නම් කිසිවිටෙක චාමර සිදු කළ දේ නොකරන බවයි.

සිදුවීමට අදාල ඡයාරූපය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!