Gossip

බළලා කුප්පමේනියා ශාකයට මෙතරම් කැමති ඇයි ?

කුප්පමේනියා පැළෑටියට බළලා පමණක් නොව බළල් පවුලේ (ෆෙලිඩේ පවුල/ felidae family) සියලුම සාමාජිකයෝ දැඩි කැමැත්තක් දක්වති. සිංහ, කොටි, ව්‍යාඝ්‍ර හා දිවි යන සියලු සත්තු කුප්පමේනියා පැළෑටියට ඇල්මක් පෙන්වති. මෙම පැළෑටියක් ගලවා බළලකු ළඟට දැමූ විට එහි මුහුණ අතුල්ලමින් ඒ මත පෙරළෙයි. පසුව දලු, කොළ, මුල් කෑමට පටන් ගනියි.

බළල් පවුල කුප්පමේනියා පැළෑටියට මෙතරම් කැමැත්තක් දැක්වීමට හේතුව ඉන් නිකුත්වන ගන්ධයයි. මේ ගන්ධයට හේතු වන රසායන ද්‍රව්‍ය ට්‍රාන්ස් – නෙප්ටාලැක්ටෝන් (Trans – neptalactone) නමින් හඳුන්වයි.
මේ සත්තු බඩේ අමාරුවක් හෝ වෙනත් අසනීපයක් සෑදුණොත් පරිසරයේ ඇති ස්වාභාවික දේවල්වලින් ලෙඩ සුවපත් කර ගැනීමට හුරුව සිටිති. බළලාගේ මේ ඇබ්බැහිය ගැන ප්‍රස්ථා පිරුළක් ද ඇත. එනම් “කුප්පමේනියා පැළෑටියේ දැවටුණු බළලා වගේ” යන්න ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!