Gossip

මෝටර් රථ අලෙවියට අධිකරණයෙන් තහනමක්

වායු විමෝචනය Bharat Stage (BS)-III මට්ටමේ පවතින මෝටර් රථ ලියාපදිංචිය තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනයේ දී නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම අධිකරණ නියෝගය හේතුවෙන් ඉන්දීය මෝටර් රථ නිෂ්පාදන සමාගම් ගණනාවක්ම බරපතළ අර්බුදයකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් සිය ගබඩාවල ඇති නිෂ්පාදන ඒකක අට ලක්ෂයක් පමණ අලෙවි කිරීමට ඇති අවස්ථාව ඇහිරී තිබෙන බව වාර්තා වේ.

ඉන්දීය මෝටර් සයිකල් ගණනාවකටම මෙම තීරණය තදින්ම බලපා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කර සිටී.

2017 අප්‍රේල් 01 වැනි දින සිට වායු දූෂණය සම්බන්ධයෙන් ඉන්දීය නගර බොහොමයකම පනවා ඇති නීති අලුත් කර ඇති අතර මේ අනුව මෝටර් රථවල වායු විමෝචන පරිසාධන මට්ටම BS-IV විය යුතු බවට නියම කර ඇත.

ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරිය විසින් අධිකරණයට කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇතත්, බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වේ.

BS-III මට්ටමේ වාහනයකින් ඉන්ධන කිලෝග්‍රෑමයකට කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් 2.30 ක ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවත් BS-IV මෝටර් රථවලින් එලෙස මුදා හැරෙන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉන්ධන කිලෝවකට ග්‍රෑම් 1 ක් බවත් සඳහන් වේ.

උපුටා ගැනීම – අද දෙරණ biz

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!