බොලිවුඩ්

බසයක අසුනක් කඩාවැටී කාන්තාවක් බිම වැටෙන හැටි – (වීඩියෝ සහිතයි)

Untitled-3

බසයක පසුපස ආසනයක ගිය කාන්තාවක් එම බසයේ අසුන කඩා වැටී බිම ඇද වැටෙන වීඩියෝවක් මේවන විට සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මෙම කාන්තාව සිය ගමනාන්තය අවසානයට ළං වූ අවස්ථාවේ බසයෙන් බැසීමට අසුනින් නැඟිටිනවාත් සමග එම අසුන කඩා වැටී ඇය  බිමට ඇද‍වැටෙයි.

කාන්තාවට තවදුරටත් ජීවත්වීමේ වාසනාව හිමිවන්නේ කඩාවැටුණු එම අසුන බසයේ පිටුපස රෝදයට පසුපසින් පිහිටීම නිසාය. යම් හෙයකින් පිටුපස රෝදයට පෙර අසුන එහි සිටි අයෙකු සමග කඩා වැටුණේ නම් වීඩියෝවේ දැක්වෙන ආකාරයට රෝදයට යටවී මියයාමට ද ඉඩ තිබේ.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ, කේරළ ප්‍රදේශයෙනි. සී.සී.ටී.වී කැමරාවක මෙම සිද්ධිය පටිගත වී ඇති අතර අනතුර සිදුවන විට ඇයගේ ස්වාමියා ද එම බසයේ සිටි බව පැවසෙයි. තමිල්නාඩුවේ, තිරුණල්වෙලි සිට කේරළ දක්වා එම බසය ධාවනය කරමින් තිබූ බවද කියැවෙයි.

මේ අතර මෙම අබලන් බස් රථය ධාවනයට එක්කිරීමට ප්‍රවාහන බලධාරීන් ඉඩදීම සම්බන්ධයෙන් පොලීසිය අදාළ ආයතනවලට එරෙහිව නඩු පැවරීමට ද පියවරගෙන ඇත.

එම සිද්ධිය පහත වීඩියෝවෙන් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!