Gossip

ගිටාරයක් වයමින් මොළයේ සැත්කමකට මුහුණ දුන් සංගීත අධ්‍යක්ෂවරයා

මීට පෙර නොවූ අපුරු සැත්කමක් පිළිබදව ඉන්දියාවෙන් වාර්තා වෙනාවා.

ඒ “ඩිස්ටෝනියා” (Brain Foundation Dystonia) යනුවෙන් හැඳින්වෙන දුර්ලභ ස්නායු ආබාධයක් හේතුවෙන් මොළේ සැත්කමක් සිදු කිරීම. මෙහි විශේෂත්වය වෙන්නේ සැත්කම සිදු කිරීම නෙමෙයි. සැත්කමට මුහුණ දෙන ආකාරයයි . ඔහු ඉන්දියාවේ ජනප්‍රිය සංගීතඥයෙක්. නමින් Abhishek Prasad.

ඔහු මෑතකදී ස්නායු ආබාධයක් හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන්න නතර වෙලා. එහිදී තමයි මෙම රෝගයෙන් පෙළෙන බවට තහවුරු වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුව සැත්කමක් සදහා යොමු කරනවා. වෛද්‍යවරුන් සැත්කම සිදු කරන්න සුදානම් කරන්නේ රෝගියාට ගිටාරය වාදනය කරන්න අවස්ථාව සලසා දීමෙනුයි. ඒ පිළිබදව විදෙස් මාධ්‍ය වෙත සැත්කම සිදු කළ වෛද්‍ය Sharan Srinivasan කියන්නේ මෙහෙම කතාවක්.

“පසුගිය 11 වෙනිදා අපි ඔහුට ගිටාරය දුන්නා වාදනය කරන්න කියලා. මොකද අපිට අවශ්‍ය වුණේ මොළේ සැත්කම කරන අතරතුර ඔහුගේ වම් අතේ ඇඟිලි උත්තේජනය වෙනවාද බලන්න. ඒ කියන්නේ ඔහුගේ අත හරහා ස්නායු කීයක් අක්‍රිය වෙලාද ඒ මොන ඒවාද කියලා බලන්න. ඒ සඳහා සජීවීව මොළ පරිපථ සැත්කමක් සිදු කළේ . ඔහුගේ හිස් කබල් පුපුරා ගොස් තිබුණා. ඒ නිසයි සිය ඇඟිලි හතරේම ස්නායු ආබාධය ආවේ. මේ තත්ත්වය ඉවත් කිරීමට අපිට දින නවයක කාලයක් ගත වුණා…ඒ අනුව මේ සැත්කම පළමු මොළය පරිපථ සැත්කම ලෙස සැලකෙනවා..”

මෙම සංවේදී සැත්කම සඳහා මොළය තුළට ප්‍රතිවිරුද්ධ 8-9 සෙ.මී. හා මීටර් 14 ක විෂ්කම්භයක් මොළය තුලට යවා තිබෙනවා නිශ්චිත ස්ථානයක් සනාථ කිරීම සඳහා සහ වෙනත් අතුරු ආබාධ හෝ සංකූලතා වැළැක්වීම මේ පර්පතයෙන් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.එමෙන්ම සජීවී ඉලක්කය ස්ථානය reconfirming කිරීමෙන් පසුව මේ සදහා ගුවන් විදුලි සංඛ්යාත lesion වූ RF ලේසර් කිරණ යන්ත්‍රය භාවිතා කළ බවත් සදහන්.

සැත්කමට පෙර රෝගියාව MRI පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. එමඟින් ඔහුගේ රෝග ලක්ෂණ සනාථ කිරීමට හැකි වූ බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කරනවා. මෙය වෘත්තීය සංගීතඥයන් සියයට එකක් දක්වා සිදුවන දුර්ලභ ආබාධයක් . මේ සදහා ඖෂධ. ඒ නිසා මෙම රෝගය සුව කරන්න තියෙන එකම ක්‍රමය විකල්පය වන්නේ සැත්කමක් කිරීමයි කියා ස්නායු විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළා.

සංකීර්ණ සැත්කමකින් පසුව සුවය ලබන්න මට හැකියාවක් ලැබෙයි කියලා මම හිතුවේ නැහැ..මම 2012 වර්ෂයේ සිට මේ රෝගයෙන් පෙළුනා. මගේ රැකියාව සංගීත අධ්‍යක්ෂණය. මම පුහුණුකරුවෙක් විදිහටත් වැඩ කරනවා. රෝගය හැමවෙලාවෙම මාගේ රැකියාවෙන් මාව ඈත් කළා. වෛද්‍යවරුන්ට පින්සිද්ධ වෙන්න දැන් මට සුවයි. මෙවැනි සජීවී සැත්කමකට සම්බන්ධ වීමත් හොද අත්දැකීමක්. නමුත් මම බයෙන් හිටියේ මොළේ සැත්කමක් නිසා….ප්‍රසාද් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තිබුණේ එවන් කතාවක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!