Gossip

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා, පෙම්වතිය ගැන කියවෙන දේවල්

පුංචි ඇඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියන හැටි ඔබ අත්ලේ ඇඟිලි සෘජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න.

දැන් වෙදැඟිල්ල සහ සුළැඟිල්ල දෙස බලන්න.

වෙදැඟිල්ල එහෙම නැතිනම් හතරවෙනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන් වෙන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවරේම ඇති රේඛාව හා සමගාමීව සුළැඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන, ඔබේ චරිතය ගැන සහ ස්වභාවය ගැන කිව හැකියි.

සුළැඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාව හා සම මට්ටමේ පවතිනවා නම් ඔබ මෙන්න මේ වගේ පුද්ගලයෙක්.
ඔබ විවෘත නැහැ. ඔබේ සිතැඟියාවන් වෙනත් අය සමග බෙදා හදා ගන්න ඔබ ඒ තරම් කැමති නැහැ.

ඔබ හැම විටම හුදකලා වෙන්නට කැමතියි.
ඔබ සංවේදී පුද්ගලයෙක්. ඔබට පුද්ගලයෙක් හිතට වැදුණොත් ඔබ ඉතා හිතවත් කෙනෙක්.

ඒ වගේම ඔබ ඔබේ හිතවතුන් සහ පවුලේ අයට ඉතාම හිතවත්, සංවේදී කෙනෙක්. බොරු කියන පුද්ගලයින්ට ඔබ කැමති නැහැ. කුහක කම, වංක කම ඔබට පේන්න බැහැ.

ඔබ ඒවාට විරුද්ධයි.
හිතට දුකක් සංවේදී හැඟීමක් ආවොත් ඔබ කතා නොකර පැත්තකට වෙන කෙනෙක්. ඒ වගේම කරදරයකදි දුකකදි ඔබ ශක්තිමත් කෙනෙක්.
ඒ වගේම ඔබ මඳක් අහංකාර ගති ඇති පුද්ගලයෙක්.

ඒ වගේම ඔබේ ඉවසීමට සීමාවක් තියෙනවා. ඔබට හොඳ හදවතක් තියෙනවා. අනුන්ට උදව් කරන්න ගොඩක් කැමතියි. ආශ්‍රය කරන සමාජයේ සිනහවෙන් සතුටින් සිටින්නට ඔබ කැමතියි.

ඔබේ සුළැඟිල්ලේ කෙළවර, වෙදැඟිල්ලේ තුන්වන රේඛාවට වඩා මඳක් උස්ව පවතිනවා නම් ඔබ ගැන මෙන්න මේ වගේ දේවල් කියන්න පුළුවන්.
මුලින්ම දෙයක් කරන්න ඔබ කැමති නැහැ. ඔබ ගොඩක් සැදැහැවත් සහ පාක්ෂික කෙනෙක්.

ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම්, ඔබ ඔබේ පූර්ණ අවධානය සහ ආදරය ඔහු හෝ ඇය වෙත පුද කරනවා. සංවේදී හදවතක් ඇති අයෙක් තමයි ඔබ. ඔබ දෙයකට කැප වෙනවා නම් ඒ දෙය කෙළවරක් දකින තුරු කරන කෙනෙක්. ඔබ රෝගී වෙනවාට බයයි.

ඔබ කැමතියි ඔබ හොඳින් සිටිනවා කියලා සමාජයට පෙන්වන්න.

ඒත් ඔබ හිත යටින් කිසියම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඔබ ලොකු අපහසුතාවයක සිටියත් නිසොල්මනේ ඉන්න උත්සාහ කරන කෙනෙක්.

ඔබේ සුළැඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාවට වඩා පහළින් පිහිටයි නම් ඔබ ගැන මෙන්න මේ වගේ දේ කියන්න පුළුවන්.
කොන්තර, එදිරිවාදිකම් පහසුවෙන් ඉක්මනින් අමතක කරන ඔබ අපහසුතාවයට පත්කරන සිද්ධීන් අමතක කර දමන්නට උත්සාහ කරනවා.

නුහුරු තැන්වලට ඔබ කැමති නැහැ. ඒ කියන්නෙ කිසියම් අලුත් දෙයක් සමග මුලින්ම ගැටෙන්න ඔබ කැමති නැහැ. ඔබ අන් අදහස්වලට ගරු කරන කෙනෙක්. ඒ වුණත්, කෙනෙක් සමග වාද කිරීමේ දී ඔබ මුදුනා වෙන්න කැමතියි. ඒ කියන්නෙ තමන් ගැන තියෙන ගෞරවය වගේ දෙයක්.

ඒ වුණාට ඔබ අතින් වැරැද්දක් වුණොත් ඔබ සැණෙකින් සමාව අයදිනවා. ඔබේ ප්‍රශ්න සහ හැඟීම් ගැන ඔබ විවෘත නැහැ.

ඔබ සැම විටම ඒවා සඟවාගෙන සිටිනවා. ඔබ කැමති ඒවා සහ අකමැති ඒවා හොඳින් හඳුනන අවංක කෙනෙක්. ඒ නිසාම ඔබ කැමතියි අනෙක් පුද්ගලයින් ඔබව විශ්වාස කරනවා නම් සහ ඔබව පිළිගන්නවා නම්. ඉතින් ඔබත් මේ දේවල් ඔබට ගැළපෙනවා දැයි බලන්න.

ඔබ පෙම්වතියක් නම් පෙම්වතෙක් නම් ඔබේ සහකාරිය වීමට සිටින ඔහු හෝ ඇය සමග ඉදිරි අනාගත ජීවිතය ගත කරන්නට වෙන්නේ ඔබටයි.

ඉතින් පෙම්වතුන් සේ ආශ්‍රය කරන කාලයේ නොදකින සමහර දේවල් එළිවෙන්නේ පසුවයි. ඉතින් පසුවට පසුතැවිලි නොවෙන්නට ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඇත්තටම හඳුනා ගන්න මේ දේවල් ඔබට වැදගත් වේවි.

-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!