බොලිවුඩ්

ඉන්දුනීසියාවේ බෝම්බ මාලාවක් පුපුරායන හැටි – මේකත් අයි.එස් වැඩක්ද? (වීඩියෝ)

 

Untitled-1
අයි.එස් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ගැන බටහිර හා මැදපෙරදිග රටවල වැඩි වැඩියෙන් කතා බහට ලක්වෙද්දී කවුරුත් නොසිතු මොහොතක මුළු ලෝකයේම දෑස් විවර කරමින් අද ඉන්දුනීසියාවේ ජාකාර්තා අගනුවර ද බෝම්බ පිපුරුම් කිහිපයක් සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරවල වගකීම මේ දක්වා කිසිවෙකුත් භාරගෙන නැතත් මින් සිදුවූ හානි ගැන මේවන විටත් තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ ප්‍රහාරවලින් මේවන විටත් පොලිස් නිලධාරියෙකු ඇතුළු කිහිප දෙනෙකු මරුමුවට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරවල ඉලක්ක වී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය හා එක්සත් ජාතීන්ගේ කාර්යාලය බවත් කියැවෙනවා. ජාකර්තා හි ස්ථාන 6ක මෙම පිපුරුම් සිදුව ඇති බවත් වාර්තා වන අතර මෙම ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් හානියක් නැති බවත් තානාපති ආරංචි මාර්ග වාර්තා කරනවා.

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!