තරු හුට පට

පෞරාණික වටිනාකමක් දියහැකියි – ඒක මැණිකක්ද කියලා තවම කියන්න බෑ!

පසුගිය දා දඹුල්ල, ඇලහැර ප්‍රෙද්ශයෙන් වටිනා කියන නිල් මැණිකක් හමුවුණා කියලා  කවුරුත් දන්නවානේ.

ඔන්න ඒ නිල් මැණික ගැන  මේ වන විට  එක එක කතා නම් යනවා හැමතැනම වගේ්‍. ඒ කතා වලින් කියන්නේ ඒ පාෂාණය නිල් මැණිකක් බවට තොරතුරු මෙතෙක් අනාවරණය වෙලා නෑ කියලානේ.

ඒ ගැන් ටිකක් අපි හොයලා බැලුවා. අදාළ මැණික් ගල මැණික් හා ස්වාර්ණාභරණ අධිකරිය වෙත මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත්. මේ හේතුවෙන් අදාළ පාෂණය සඳහා මෙතෙක් කිසිදු තක්සේරුවක් කිරීමට නොහැකි බවත් ජාතික මැණික් හැ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා වෙබ් ගොසිප් වෙත සඳහන් කළා

මැණික් ගලක් හමුවූ පසු එහි මිල නියම කිරීමට බර පමණක් ප්‍රමාණවත් නොවන බවත්, මැණික් ගලක් ඇත්තේ නම් එය මැණික් හා ස්වාර්ණාභරණ අධිකාරිය වෙත ඉදිරිපත් කළ යුතු බවත් එහිදී තම ආයතනය එහි වටිනාකම ගැන ප්‍රකාශ කර ජාත්‍යන්තර වටිනාකමකින් යුකු සහතිකයක් ලබාදීමට කටයුතු කළ හැකි බවද ඔහු කීවා.

එමෙන්ම අදාළ පාෂණය දුටු විට කිව හැක්කේ එය මැණික් ගලක් යැයි කීමට නොහැකි බවත්, එයට පෞරාණික වටිනාමක් ලබාදීමට හැකි බවත්ය.

කෙසේ වෙතත් කොළඹ මැණික් අධ්‍යයන ආයතනයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ මහතා කියා ඇත්තේ එය මැණික් වර්ගයට අයත් නොවන බවත්. එය පාෂාණ වර්ගයකට අයත් පාෂාණයක් බවත්ය සමාජජාල වෙබ් අඩවි හරහා අපට දැකගන්නට ලැබුණි.

 

1 2 3

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!