Gossip

ලන්ඩනයේ බිග්බෙන් නිහඬ වෙයි

පසුගිය වසර 157 පුරා අඛණ්ඩව ලන්ඩන්වාසීන්ට වේලාව සලකුණු කළ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණ අගෝස්තු 21 වන දා නිහඬ වන බවට විදෙස් වාර්තා දක්වනවා.

සිව් වසරක කාලයක් සඳහා බිග්බෙන් ඔරලෝසු කුළුණ නිහඬ වන්නේ එහි අලුත්වැඩියා කිරීම් සඳහායි.

කෙසේවෙතත් නව වසර උදාව වැනි වැදගත් අවස්ථාවන්හිදී එය නාද කිරීමට බලධාරීන් පියවර ගනු ඇති.

සිව් වසරක් නිහඬවීමට පෙර බිග්බෙන් කුළුණේ අවසන් නාදයට කන් දීම සඳහා ලබන සඳුදා, තේම්ස් නදියේ ඉවුරේ පිහිටි වෙස්මිනිස්ටර් මැදුරේ සිට පාර්ලිමේන්තුව දක්වා ප්‍රදේශයට එක්රැස් වන ලෙස ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මීටර් 96ක් උසැති එළිසබෙත් කුළුණේ රදවා ඇති බිග්බෙන් ඔරලෝසුව ටොන් 13.7ක බරකින් යුක්තයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!