Gossip

බෝට්ටුව පැත්තකට බරවෙන විට මම පිරිස මුහුදට තල්ලු කළා-බේරුවල ඛේදවාචකයේ නියමුවා කියු කතාව

බෝට්ටුවේ 40ක වැඩි පිරිසක් හිටියා. සමහරු වමනය දැම්මා. එහා මෙහා ගියා. බෝට්ටුව එක වරම පැත්තකට බර වෙන විට මම බෝට්ටුවේ සිටි පිරිස මුහුදට තල්ලු කළා. ඒ බොට්ටුවට යටවෙන එක වළක්වන්න” යැයි කළුතර කටුකුරුන්ද මුහුදේදී අනතුර පත් ධීවර යාත්‍රාව පැදවූ බේරුවල මස්සල පදිංචි පුංචි හේවාගේ දිනූෂ රුවන් කුමාර අවු 24 යන අය කීය.

ඔහු අපට මෙම ප්‍රකාශය කළේ කළුතර නාගොඩ මහ රෝහ‍ලේ අංක 16 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහු තවදුරටත් මෙසේද කීය.
මම උපන්නේ දකුණු පළාතේ. විවාහ වී මාස හතයි. ඒ නිසාම රැකියාව කරන නිසාත් බේරුවල පදිංචිව සිටිනවා.
මම බෞද්ධයෙක්. මෙම බෝට්ටුවේ හිමිකරුවවත් බෞද්ධයෙක්. මෙම බහුදින ධිවර යාත්‍රාවේ නියමුවා ලෙස මම කටයුතු කරනවා.

මා මීට පෙර ලාසරස් පල්ලියේ මංගල්‍ය පෙරහරට සහභාගි වී තිබෙනවා. අපි බෞද්ධ වුණාට රැකියාවේ නොගොස් හිටියොත් අනිවර්යයෙන්ම මෙම බෝට්ටු පෙරහරට අපි එකතු කරනවා. ඒක අපි ඉතා භක්තියෙන් කරන වැඩක්.

අපි සාන්ත ලාසරස් යෞවන සමිතියේ වගේම සාන්ත ලාසරස් ක්‍රීඩා සමාජයේත් සිටිනවා.
බොට්ටු පෙරහර පිටත්වන විට ඔයේ බෝට්ටුව ඉදිරියෙන් සිටියා. මගේ බෝට්ටුවට බැතිමතුන් 60ක් විතර නැංගා. පස්සේ ටික දෙනෙක් බැස්සුවා. පෙරහර යන්න පටන් ගත්තාම මගේ බෝට්ටුව ටිකක් පහු වුණා. මම අනිත් ඒවාට කිට්ටුවෙන් ගියා.

කාන්්තාවන් හා ළමුන් විශාල ප්‍රමාණයක් බෝට්ටුවේ හිටියා. මේ අය අතරින් සමහරු දිගටම වමනය දැම්මා. පුරුදු නැති කමට ඒ අනුව පිරිස බෝට්ටුවේ එහා මෙහා ගමන් කළා. මම සැරින් සැරේ එන්ජින් කාමරයේ සිට උඩට ඇවිත් ඉන්න තැනම වාඩිවෙලා ඉන්න එහා මෙහා යන්න එපා කියලා ඒ අයට කිව්වා.

එහෙත් බෝට්ටුව එකවරම පැත්තකට ඇල වුණා. උඩ සිටි පිරිස කෑගහන්න පටන් ගත්තා. බෝට්ටුව පෙරළුනොත් මේ එය ඊට යට වේවි කියලා හිතුණු නිසා පෙරළෙන්න කලින් පිරිස මුහුදට තල්ලු කළා. ඒ අනෙක් බෝට්ටුවල සිටි පිරිසට හා බෝට්ටුවල ආ පිරිසට ඔවුන් බේරා ගන්නටයි.

ඉන්පසු මම බෝට්ටුවෙන් එළියට පැන්නා. එතකොටම බෝට්ටුව පෙරළුනා. මම කිමිදිලා ගිලෙන්න ගිය කුඩා දරුවන් දෙදෙනකු බේරාගෙන කුඩා බෝට්ටුවට බාර කළා.

ඉන්පසු ආච්චි කෙනෙක් බේරා ගන්න හදන විට ඇය මාව බදලා අල්ලා ගත්තා. අපි දෙන්නාම යට ගියා. පසුව මම ඇයවත් ‍පොඩි බෝට්ටුවට එකතු කළා.

මටත් මේ වෙලාවේ ඩීසල් මිශ්‍ර වතුර පෙවුණා. මට හුස්ම ගන්න අමාරු වුණා. තව ‍පොඩි බෝට්ටුවකින් මාව අරන් බේරුවල වරායට ගෙනාවා. මා නාගොඩ රෝහලට ගෙන ආවේ ඉන් පසුවයි. මේ ගමනට මා මගේ බිරිඳටත් කතා කළා. එයා එන්න කැමති වුණේ නැහැ.

මම පෙරහර බොහෝ කාලයක ඉඳලා යන එකත්, බෞද්ධ කතෝලික භේදයකින් තොරව බෝට්ටු අයිතිකරුවන් … මීට සහභාගි වෙනවා.

ඒ වගේම වෙසක් ‍පොසොන් උත්සවවලට හා දන්සල්වලට කතෝලික අයත් සහය වෙනවා. මේ පල්ලිය තියෙන්නේ බේරුවල ධීවර වරාය ඉදිරියේමයි. හැමෝම මීට සහකාර වන්නට ලොකු භක්තියෙන්.
තාරක දුෂ්‍යාන්- කළුතර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!