තරු හුට පට

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා පිල සුළුකොට තකයි-ඊළඟ තරඟයට ද/අප්‍රිකාවේ ප්‍රබලයින් නැහැ

1

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ඊළඟට පැවැත්වෙන  පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේදී සිය ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකුම තරඟ නොවදීන බව  දකුණු අප‍්‍රිකාව තීරණය කර තිබෙන බවට වාර්තා වෙයි.

පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් ද මෙම තරගාවලියට නම්කර නොමැති වීම විශේෂ කාරණයක් වෙයි.

ෆර්හාන් බෙහර්දීන් තාවකාලික නායකයා ලෙස නම්කර ඇති අතර  33වන වියේ පසුවන ඔහු පන්දුවාර විස්සයි විස්ස තරග 25කදී දකුණු අප‍්‍රිකාව නියෝජනය කර ඇත.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා කයිල් එබෝට්, හෂීම් අම්ලා, ක්යින්ටන් ඩි කොක්, ඒ.බී. ඩිවිලියස්, ජේ.පී. ඩුමිනි, ක‍්‍රිස් මොරිස්, කගීසෝ රාබාඩා, ඬේල් ස්ටේන් සහ ඬේවිඞ් වයිස් යන ක‍්‍රීඩකයින් ද නම්කර නැහැ.

කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සුළුකොට තැකීමක් බව මේ වන විට සමාජයේ කතා බහක් ලක්වී තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!