Health & Beauty

හැම යුවතියක්ම දැනගත යුතු Beauty Tips.. ඔයාගේ කාලය හා මුදල් ඉතිරි කරගන්න මේ දේවල් දැනගන්න..

 

අපි හැම කෙනෙක්ටම අවශ්‍ය ලස්සනට ඉන්න.හැමදාම salon වලට ගිහින් තමන්ගෙ ලස්සන වැඩිකරගන්න treatment කරන්න සල්ලි තියෙයි ද?ඉතින් ගෙදර ඉන්න ගමන් තමන්ගෙ ලස්සන වැඩි කරගන්න එදිනදා කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි අද කියලා දෙන්නේ. තමන්ගේ කාලය ඉතිරි කරගන අනවශ්‍ය වියදම් අඩුකරගන මේ දේවල් ඔයාට කරන්න පුළුවන්.

Tomato with Sugar ( තක්කාලි සහ සීනි )
තක්කාලි සහ සීනි කියන්නේ ඉක්මනින්ම හොඳ ප්‍රතිඑලයක් ලබාගන්න පුළුවන් scrub එකක්. මෙයට පුළුවන් මුහුණේ ඇති මැරුණු සම ඉවත් කරලා දිදුලන නැවුම් පැහැමත් සමක් නැවත ලබා දෙන්න. තක්කාලි ‌ගෙඩියක් ගෙන එය පෙති හැඩයට කපාගන්න. ඉන්පසු තක්කලි පෙත්ත මත සීනි ටිකක් තවරන්න. සීනි තැවරගත් තක්කාලි පෙත්ත ගෙන වක්‍රාකාරව මුහුණ මත ආලේප කරන්න. විනාඩි 10 එය මුහුණේ තිබෙන්නට හැර සෝදා හරින්න.මෙය සතියකට 3-4 වතාවක් සිදුකිරීම මගින් ඔබට ස්වාභාවිකව නීරෝගිමත් සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

Green tea (ග්‍රීන් ටී)
ලංකාවේ tea හොයාගන්න එක ලේසිම දෙයක්. Green tea වලින් පුළුවන් skin එක පැහැපත් කරගන්න. හමේ ඇතිවන අවපැහැ ගැන්වීම්, කලු පැල්ලම් (black mark) Green tea වලින් අවමකරගන පැහැපත් සමක් ඇතිකරගන්න ඔයාට පුළුවන්.

Coconut oil ( පොල් තෙල්)
පොල් තෙල් කියන්නේ අපට අළුත් දෙයක් නෙවෙයිනේ. ඒ කාලෙ ඉදන්ම පොල්තෙල් ලස්සන වැඩිකරගන්න භාවතා කරන දෙයක්. මේ වෙනකොට අපි පුරුදු වෙලා ඉන්නවා ‌කොණ්ඩෙ curl කරන්න, iron කරන්න සහ color කරන්න. මේ දේවල් වලින් වෙන්නේ අපේ හොදට තියන කොණ්ඩෙ damage වෙන එක. ඉතින් කොණ්ඩෙ යතා තත්වෙට පත්කරගන්න පුරුද්දක් වශයෙන් නාන්න කලින් ඔලුවට පොල්තෙල් ටිකක් දලා හොදට සම්බාහනය කරන්න. විනාඩි 3ක් එහෙන්මම තියෙන්න අරින්න පොල්තෙල් වල තියන පෝෂණය හිස්කබලට උරාගන්න. මේ විදියට කලොත් නීරෝගිමත් දිදුලන කෙස් කළඹකට හිමිකම් කියන්න ඔයාට පුළුවන්.

ඔයාගෙ perfume එකේ සුවද ගොඩක් වෙලා ශරීරයේ තියාගන්න අවශ්‍යනම් ඔයා wash දාගත්ත ගමන් perfume එක apply කරන්න. ඇගේ තියන තෙතමනය සුවඳ දිගු වේලාවක් තියගන්න උපකාරී වෙනවා.

ඇස් වටේ ඇතිවෙන් dark circle අයින් කරන්න freezer එකේ හැදි 2ක් විනාඩි 5ක් තියෙන්න අරින්න. ඉන්පසුව හැදි 2ක ඇස් වටේ තියන්න. මෙයින් ඇස්යට කලුවීම් අවම කරගන්න හැකියාව තියනවා.

ඔයා ඔයාගේ සුන්දරත්වය තව ටිකක් වැඩිකරගන්න හිතනවනම් මේ දේවල් ටිකක් අනුගමනය කරලා බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!