Gallery

බීච් ක්‍රිකට් සැණකෙලිය ගල්කිස්සේදී

ශ්‍රී ලංකාවේ විශාලතම බීච් ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන සන්සෙට් ක්‍රිකොරෝනා (sunset crikorona) මෙම මස 11 වැනි දින ගල්කිස්ස සංචාරක හෝටල් වෙරළ පරිශ්‍රයේදී පැවැත්වේ.
ප.ව 2.00ට ආරම්භ වන මෙම තරගාවලිය සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වීමට නියමිතය.
සාමාජිකයන් 5 දෙනකුගෙන් හා එක් සාමාජිකාවකගෙන් සමන්විත කණ්ඩාමක් ක්‍රීඩා කළ යුතු මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් සහභාගි වේ.

මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේද අරමුණින් සැණකෙළියක් ස්වරූපයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ විශේෂ ක්‍රිකට් නීති ක්‍රියාත්මක වේ. තරග නීති රීති අනුව වයිඩ් පන්දුවකට ලකුණු 06ක් පිරිනැමෙන අතර ඉනිමේ අවසාන පන්දුවට හැරෙන්නට අනෙකුත් වයිඩ් පන්දු සඳහා අමතර පන්දුවක් නොලැබීම විශේෂත්වයකි. තවද පන්දුව පිත්තෙන් නික්ම යෑමෙන් පසුව වෙනත් ස්ථානයක වැදී පැමිණි විට අල්ලා ගත්තද එය උඩ පන්දුවක් සේ සැලකෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!