Gossip

බුකියෙන් සෙට් වෙලා නයිට් පාර්ටි දාපු 1000ට වුණු වැඩේ

1

අන්තර් ජාලය ඇසුරින් සංවිධානය කළ ජාඇළ ප්‍රදේශයේ පැවති රාත්‍රී සාදය අතරතුර ගංජා ළඟ තබාගත් වයස අවුරුදු 25ට අඩු තරුණයන් 05 දෙනකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ජාඇළ මාකෙවිට ප්‍රදේශයේ පැවැති එම රාත්‍රී සාදය සඳහා අවුරුදු 25ට අඩු  තරුණ තරුණියන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී ඇත.

එම පිරිස අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරමින් අධික සංගීත ශබ්ද ද සහිත වෙනම කලාපයක මෙම සාදය පවත්වා තිබේ.

අන්තර්ජාලය හරහා සංවිධාන කර ඇති මෙම රාත්‍රී  සාදයේ ප්‍රවේශය සඳහා සංවිධානය විසින් රුපියල් 1500ක මුදලක් ද අයකර ඇත.

උපාය දූතයන් ලෙස  වෙස් වළාගත් සුරාබදු නිලධාරීන් පිරිසක් එම සාදයට සහභාගිවී මෙම තරුණයන් පිරිස  අත්අඩංගුවට ගෙන තිබේ.

එම සාදය පුරාම තරුණ පිරිස මත් පැන්, මත්ගුලි සහ ගංජා භාවිත කරමින් සිට ඇති අතර ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති බවද  වර්තා වේ.

අත්අඩංගුවට පත්  පිරිස කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන ගැමුණු කුමාරගේ, හිරාන් ළහිරු ඩයස් සුරාබදු  නියාමකවරුන් වන ප්‍රියන්ත පුෂ්පකුමාර, ධනංජය පුෂ්පකුමාර, සුදත් සිරිතුංග, අරවින්ද රත්නායක, උපාලි නෙත්තසිංහ සහ රියැදුරන් වන සේනක ලලිත් ඇතුළු නිලධාරීහු සිදුකළහ.

රිවිර

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!