Gossip

මනුස්සකම නැතිවුණු බටේපොල පල්ලියේ සිදුවන මේ ඝාතනයන්ට වගකිව යුත්තේ කවුරුන්ද ? – Photos

මේ ලෝකේ මිනිසුන්ට වගේම සතුන්ටත් ජීවත්වීමේ අයිතිය තියෙනවා.
ඒ අයිතිය කවුරුන් හෝ කෙනෙක් උදුරගන්නවානම් ඒක කිසිම වෙලාවක අනුමත කරන්න බෑ.
ඔබට මතක ඇති පසුගිය දවස්වල මොරටුව සරසවියේ සිටි සුනඛයින්ට අමානුෂික විදිහට වදදීලා අරගෙන ගිහින් මරාදාපු සිද්ධිය.
ඒ වගේ තවත් කතාවක් ගැන දිවුලපිටිය බටේපොල පැත්තෙන් අපිට වාර්තා වුණා.
බටේපොල පල්ලිය තුලට එන බල්ලන්ට වෙඩි තබා මරා දමනවා කියලත් අමානුෂික විදිහට පහරදී, පුළුස්සා දමනවා කියලා සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.
මේ හොයලා බලපු අපිට ප්‍රදේශවාසීන්ගෙන් දැනගන්න ලැබුණේ මේ සිද්ධිය ඇත්තක් කියලයි.
මෙහි ඇත්ත නැත්ත දැනගන්න බටේපොල පල්ලියේ පියාණන් වන සමන්ත කුරේරාට කතා කළාම ඔහුනම් කිව්වේ ඒ කතාව බොරුවක් කියලයි.
ඒ වගේම මේ ගැන තමන් කිසිවක් නොදන්නා බවත් ඔහු සඳහන් කළා.
ඇත්ත කවුරුන් වසන් කරන්න හැදුවත් එය කවදාමහරි හෙළිවෙනවා කියන එක වගේම මේ විදිහට හිතක් පපුවක් නැතිව කරන කැත වැඩ මිනිස්කමටත් නිග්‍රහයක්.

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!