Gossip

කොළඹ යකඩ නිර්මාණවලින් සරසන තරුණයා මෙන්න

ඔයාල දැකලා ඇති කොළඹ තැනින් තැන තියෙන එක එක නිර්මාණ. තුන්මුල්ලේ තියෙන ගුවන් යානා අවට පිහිටි ත්‍රිවිද හමුදා නියෝජනය කරනවා. ඒ වගේම පංචිකාවත්තේ තියෙන යකඩ අශ්වයා වේගය සහ අමතර කොටස් නියෝජනය කරනවා.

අද අපි කතා කරන්න යන්නේ ඔයවගේ කලාත්මක නිර්මාණ කරන හාදයෙක් ගැන, භාෂිත් රණවීර තමයි මරදානේ තියෙන රාජාලියාගේ නිර්මාතෘ.

පසුගිය දිනක බුකියේ ඔහු ගැන පුද්ගලයෙක් මෙසේ සටහනක් තබා තිබුනා,

IRON_MAN ඒ මා ඔහු සිහි කරන නාමයයි. නමින් භාෂිත් රණවීරයි. යකඩ යනු ඔහුට දිව්‍යමය දායාදයකි..
Assemblage නැතිනම් එකලස් කලාවේ ප්‍රවීණයා ඔහුයි. නාරම්මල මයුරපාදෙන් අකුරු කෙරෑ ඔහු වැඩි දුර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන්. ඔහු පොල්ගහවෙල ජන්ම භූමිය කරගත්තේය.

මුලින්ම මා මොහුව හදුනාගන්නේ ඔබ කවුරුත් දකින ප්ලග් රාජාලියා නිසාය. ඒ පතාක රාජාලියාගේ හිමිකරු,මැවුම්කරු මොහුයි…
රාජගිරිය කලපලුවාවේ ඔහුගේ වැඩබිම දුටු සැනින් මා හදුනාගත්තේ ඒ යකඩ අශ්වයා වැඩබිම ඉදිරියේ තේජවන්ත ලීලාවෙන් සිටි නිසාමය.
“භාෂිත් මෙතන…. ගන්න ඕනි කෝල් එකක්” මා සිතට ආවේ එයයි..
ආ වැඩේ පසෙක දැමු මා ඒ අවස්තාවේම තිරිංග පාගා ආපස්සට ආවේ දුරකතනයේ භාෂිත් විපරම් කරන්නටය…
“හලෝ කොහොමද”
කතාකලේ පලමු වතාවට වුවද ඒ සුහද ආමන්ත්‍රණය. ඔහු සිටියේ වැඩ බිමින් ගොඩාක් දුරය.
“ඉන්න මම එනවා”
නමුත් පැවසුවේ සරලවය.
මම මගේ වැඩ ටික ඉවර කර නැවතත් යාමට පිටත් වූයේ වැසි සහිත කාලගුණ තත්වයකය. නමුත් මොහුව අමතක නොකලේය. ඔහුගේ වැඩබිම ඉදිරිපිටදී පැති කන්නාඩිය පාත් වීමත් සමගම ඔහුගෙන් මා හට ලැබුනු සිනහව මගේ බිරිද අදත් මතක් කලේ වටිනාකමක් එක්කරමිනි.. දොරගුලු දමා යාමට පිටත්ව සිටි මොහු “තාත්තේ පොඩ්ඩක් දොර අරිනකෝ” යයි මොහු පැවසුවේ මෙවන් විශිෂ්ඨයෙකු බිහිකල තාත්තා දෙස බලා “මේ මගේ තාත්තා” කියමින්ය…
ඒ සිනහවේ තිබුනේ කොහොමද පුතේ යන්නයි.

භාෂිත් තමන්ගේ ක්‍රියාකාරයම් පෙන්වුයේ මමද ඒවාට වඩාත් කැමති බව දන්න නිසාය. කියවගෙන කියවගෙන ගිය භාෂිත් එකපාරටම විමසුවේ මේ ඔයා වැඩිමල් නේද මොන අවුරුද්දේද. එතැන් පටන් ඔහුට මම අයියා විය. වැඩ කරමින් සිටියදීම අනතුරට ලක්වූ මැහුම් හයක් දැමු දනිස් පොල් කට්ට පසෙක දමා වැඩබිම වෙත පැමිනෙන්නේ වැඩක් නොකර එක විදියකට ඉන්න බැරි බව මොහු දකින ඕනෑම කෙනෙකුට හැඟී යයි.

කෙසේවෙතත් තෙවනි ස්තානය ලබාගත් ඔහුගේ නවතම නිර්මානයෙන් බියර් නෙලුම් මලකුයි පත්‍රයකුයි මට ලැබුනේ “අයියේ මේක තියාගන්න” යයි පවසමිනි. ඔව් ඒක මට ඕනිවටත් වඩා වටිනවා මලයෝ. අපි සෙල්ෆියක් ගහමු කිව් පමනින් භාෂිත්ගේ සිනහව මා දුටුවාය. ඒ ඔහුගේ මනුසත්කමයි. තවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගත්තෙමු. සත්තකින්ම මේ විශිෂ්ඨයා ලංකාවට පමණක් නොව ලෝකෙටම වටින පුද්ගලයෙකි.

භාෂිත් දක්ෂයෙක් නෙමේ විශිෂ්ඨයෙක්. දෙස් විදෙස්වලින් ඇණවුම් ඔහු වෙත ලැබෙමින් පවතී. විවිධ අවස්ථාවල විවිධ මාධ්‍ය හරහා භාෂිත් වෙත ලැබුන ප්‍රතිචාරයන් පිලිබද පෞද්ගලිකව සතුටට පත්වෙමි. හැකියාවට වටිනාකමක්. සුභ පතනවා භාෂිත් ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා. ජයම වේවා.

උපුටා ගැනීමකි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!