Gossip

සිංහයන් ඉදිරියේ පෙනේ පිප්පූ බංගලියන්ට ඉන්දියාව කොකා පෙන්නයි – හයේ වැස්සක්.. පිටිය මැද බංගලියන්ට දැන්මම ඇඬෙයි

බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළ අතර බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් රෙහෙමාන් පන්දු 50 කින් ලකුණු 77 ක් ලබාගත්තා.
මහමුදුල්ලා ලකුණු 21 යි.
රෝහිත් ෂර්මා සහ ධවාන් ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසියා.
මේ වනවිට ඔවුන් දෙදෙනා බංග්ලාදේශයට දිගටහරහට බැට දෙමින් පළමු කඩුල්ලට ලකුණු 32 ක් එක්කළා.
ධවාන් ලකුණු 11 ක් ලබා සිටියදී දැවී ගියා.
රෝහිත් ෂර්මා සහ රාහුල් නොදැවී මේ වනවිට ක්‍රීඩා කරනවා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන රෝහිත් ෂර්මා හයේ සහ හතරේ වැස්සක් සමඟ ඉන්දියානු ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවන්නේ සියලු බර කරට ගනිමින්.
කෙසේ වෙතත් ඉන්දියාවේ සුපිරි ප්‍රහාරයන්වලට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු සහයක් ලැබීමද විශේෂත්වයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!