තරු හුට පට

ලංකාවේ අඩුම මුදලට දෙන කාර් එක ඉන්දියාවේ ප්‍රදර්ශන භාණ්ඩයක්ලු – ප්‍රචාරයන් වලට නොරැවටෙන්න

මේ දිනවල වැඩි දෙනා කතාබහ කරන වාහනය තමයි ඉතාම අඩු මුදලට ලබාදෙන රෝද හතරේ වාහනය.

ආරංචියේ හැටියට මේ වාහනය( RE60)  ලංකාවේ ත්‍රිරෝද රථය වෙනුවට ආදේශකයක් ලෙස ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට යන වහනේ කියලයි කොයි කවුරුත් කියන්නේ.

ඔන්න මේ පොඩි වාහනය ගැන ආලුත් ආරංචියක් තියෙනවා. මේ වාහනය ඉන්දියාවෙන් ගහලා තියෙන්නේ ටාටා නැනෝ මෝටර් රථයට අභියෝගයක් හැටියට එක්තරා සමාගමක් විසින් නිෂ්ෂාදනය කරලා තියෙන්නේ.

මේ මෝටර් රථය ඉන්දියන් සමාගම විසින් නිෂ්පාදනය කළාට මේ සඳහා එරට රජය විසින් අනුමතය දීලා නෑ. මොකද මේ රථයේ ඇති අවිනිශ්චිතතාවයන් නිසා.

ඒ කියන්නේ මේ මෝටර් රථය ඉන්දියාවේ  තවමත් පවතින්නේ අත්හදා බැලීමේ ධාවන කටයුතු වලලු.

ඒ කොහොම වුණත්  මේ සඳහා අවසර ලබාදෙන තුරු මේ  මෝටර් රථය ප්‍රදර්ශන භාණ්ඩක් ලෙස තැබීමටනම් ඉන්දියාවෙන් එම සමාගමට අවසර ලබාදී තිබෙනවා කියලත් ආරංචිය.

මේ වාහනය රෝද හතරේ බයිසිකලයක් කියලා හඳුන්වාදෙන්නත් පුළුවන් කියලයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ.

දැන් ගොඩක් දෙනෙක් කතා කරනවානේ  මේ වාහනය ලංකාවට  ගෙන්වනවා කියලා. මේ වාහනයම ගෙන්වනවා කියලා රජයෙන් කොයි වෙලාවේවත් කියලා නෑ.  කවුරුවත් නිල නිවේදනයක් කරලත් නෑ.  ඉතින් මේ ගැන ගොඩක් දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවානේ.

හැබැයි අපිට නම් කියන්න තියෙන්නේ මේ වාහනය ගැන තියෙන ඒ බලාපොරොත්තු ටිකෙන් ටික අඩු කරගන්න කියලයි.

මොකද මේ වාහනයම  ගේනවා කියලා රජයෙන් කවුරුත් නිල නිවේදනයක් කරලා නෑ. හැබැයි වෙනින් වාහනයක් ගෙනෙයිද කියලා නම් දන්නේ නෑ. එහෙම ගෙනාවත් ලක්ෂ තුනකට වගේ  අඩු මුදලකට දෙන්න පුළුවන් වෙයි කියලා නම් කියන්නත් බෑ.

 

Bajaj-RE-60-Front-Back

Quadricycle

 

 

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!