Gossip

හිගන්නියක්ව ඉපිද හිගන්නියක්ව මියයාමට දෛවය කොටා තිබූ ඇගේ ඉරණම ඔහුගේ දෑතින් වෙනස් කළ අපූරුව – Photos

පිලිපීනයේ Quezon කියන නගරයේ අවුරුද්දකට වරක් තියෙනවා විශාල උත්සවයක්.
මේ උත්සවය දවසට නගරේ වීදි මිනිස්සුන්ගෙන් පිරිල ඉතිරිලා යනවා.
මේ සැණකෙලියෙ ඡායාරූප ගන්න ආපු තූපර් බර්ගෝස් (Topher Burgos,) එක පාරටම දකිනව වීදියේ යනෙන මිනිස්සුන්ගෙන් සිගමන් යදින පුංචි ලස්සන කෙල්ලක්.
එයා මල්ලියි කියල හිතන්න පුලුවන් සිගිත්තෙක්වත් තමන්ගෙ උරයෙ එල්ලගෙනයි සිගමන් ඉල්ලුවේ.
ඇගේ සිරුරේ පටලන් හිටපු රෙදි කඩමාලු වෙලා සායම් ගියත් ඒ ඇදුමට පවා ඇය හරි හැඩයි.
තූපර්ගෙ කැමරාවේ ෂටර් එක උස් පත්වුණා කීප සැරයක්ම ෂටස් ෂටස් ෂටස් ගාලා එක එක හැඩේට ඇයට නොතේරෙන්න ඇයට නොදැනෙන්න. එයා බැඩ්ඡාඕ කෙල්ලක් ! ඔහු හිතුවා.
බැඩ්ඡාඕ කියන්නෙ පිලිපීනෙ ආදීවාසී ඡන වර්ගයක්. හරියට අහිකුණ්ටකයො වගේ. දන්නවද ඒ මිනිස්සුන්ට පිලීපිනෙ නමක් නෑ මූණක් නෑ හඩක් නෑ අන්ත දුප්පත්තු. කිසිම කෙනෙක් එයාලට රස්සාවක් දෙන්නෙ නෑ හරියට ඔවුන් මේ ලෝකෙට බිහිවුනේ හිගන්නො විදිහට ඉපදිලා හිගන්නො වගේ මැරිල යන්න වගේ.
තූපර් ඊට පස්සෙ ගියා ඇය ළගට . ඇහුව විස්තර. ඉතින් ඇය කිවිව ඇගේ නම රීටා ගවිඕලා ( Rita Gaviola ) ඒක හරි ලස්සන නමක් ‘හා නැද්ද ! ‘‘ ගවිඕලා !
ගවිඕලා ඊට පස්සෙ මේ කැමරකාරයව එක්කන් යනවා ඇගේ දුප්පත් ගෙදරට.
එතකොට ඔහු දකිනව ඇයට තවත් පුංචි පුංචි සහෝදර සහෝදරියො 5 ක් ඉන්න බවත් ගවිඕලගේ තාත්තට මාලු බිලී බාලා උපයන මුදලෙන් මේ පවුල නඩත්තු කරන්න බැරි නිසා ඇයව සිගමනේ යවන බවත්.‌
මේක ‍‍වෙන්නෙ 2016 මැයි මාසෙ දවසක.
තූපර් බර්ගෝස් ගෙදර ගිහිල්ල මේ ලස්සන කෙල්ලගෙ පිංතූර ටික දානවා එයාගෙ ෆේස්බුක් පිටුවේ. එහෙම මුදාහැරලා ඔහු ලියනව ‘‘ රීටා ගවිඕලා කියන්නෙ පිලිපීනයේ අලංකාරයේත් දුගී බවෙිත් සැබෑ මුහුණුවර.
ඇයට වයස 13 යි පාසැල් යායුතු දැරියක් . නමුත් ඇගේ දෙමවුපියන් හරි දුප්පත් ! මොකද ඔයාලා කියන්නේ අපි උදව් කරමුද මේ ලස්සන ගවිඕලාට ?
තූපර්බුර්ගෝස්ගෙ පලකිරීමට සමාඡඡාලයේ ප්‍රතිචාර ඉහටත් උඩින් ඇගේ ඡායාරූප සහිත තුපර්ගෙ ලිපිය සංසරණය වුණා දහස් ගණනින්. .
ඒවා ගියා ලුසියානා නගරයේ නගරාධිපති රොඩරික් අල්කාලා ( Roderick Alcala ) ගෙ කනට.
ඔන්න මිනිහ වැඩෙිට මැදිහත් වුනා. ඒ අනුව Lingkod Kapamilya පදනම ඇයට දුන්නා පිලිපීනයේ ඒ ශ්‍රේණියේ උසස් විද්‍යාලයකට ශිෂ්‍යත්වයක්.
ඒ එක්කම බැඩ්ජාවෝ නායක බෙන්සාර් ගඩ්සාලි කියල තිබුන ගවිඔිලාගේ ගම්මානයේ බඩ්ජාවෝ ළමුන් 50 කට වැඩි ප්‍රමාණයක් ප්‍රාථමික හා උසස් පාසලට ඇතුළත් කරගත්ත කියල ඒ මාසයේ..
ඇයව ලෝකයට අදුන්වල දුන්න තූපර් බර්ගෝස්
ගවිඕලාට එදිනෙදා භාවිතය සඳහා ඇඳුම්, නිල ඇඳුම්, පාසල් සපත්තු සහ සෙරෙප්පු, ආහාර, ඇගේ දෙමාපියන් සඳහා ඖෂධ, ඇඳ ඇතිරිලි සහ විදුලි භාණ්ඩ සපයපු සිය ගිණුමෙ සියලු මිතුරන්ට ස්තුති කරල තිබුණ.
තවත් මාස 6 ක් ගිය තැන විවිධ ව්‍යාපෘති හරහාද පළාත් පාලන ආයතන මාර්ගයෙන්ද මෙි බැඩිඡාඕ ප්‍රඡාවගේ ජීවනෝපාය සඳහා ධීවර බෝට්ටු සහ එංඡින් ලබා දි තිබුණා.
ඉනුත් අවුරුදු දෙකහමාරක් ගියාට පස්සෙ ඒ කියන්නෙ අද වෙනකොට රීටා ගිවිඕලා කියන්නෙ පිලිපින රූපවාහිනි නාට්‍යවලට නැතිවම බැරි තරුවක් . ඒවා යන්නෙ කතාමාලාවන් විදිහට.
මෙි එයාගෙ රූපවාහිනි කතාමාලාවන්
‘Pinoy Big Brother’ house”
‘Starstruck VII.’
‘Sahaya.’ .
ස්තුතියි තූපර් බර්ගෝස් ! හිගන්නියක්ව ඉපිද හිගන්නියක්ව මියයාමට දෛවය කොටා තිබූ ඇගේ ඉරණම ඔබෙි දෑතින් වෙනස්කලාට ! එහි පූර්ණ ගෞරවය වෙන කාටත් නෙවි ඔබටමයි විශිෂ්ට කැමරාකරුව !

උපුටා ගැනීම – උපාලි ජයසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!