Gossip

“මෙතරම් දීර්ඝ ක්‍රීඩා දිවියක් ගත කිරීමේ රහස මා තවම දන්නේ නැහැ..”ලොව වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ සංවේදී සමුගැනීම – වීඩියෝ

වයස අවුරුදු 85ක් වන බටහිර ඉන්දීය කොදෙව් ජාතික සෙසිල් රයිට් ක්‍රිකට් ක්‍රීඩකයා ලබන සැප්තැම්බර් මස 7 වැනිදා පැවැත්වෙන පෙනී ලීග්’ ක්‍රිකට් තරගාවලියේදී ‘ස්ප්‍රිංහෙඩ්’ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයේදී කේ‍රාම්ප්ටන් කණ්ඩායම නියෝජනය කරමින් වසර 60කට අධික තම ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙන බවට වාර්තා වෙනවා.

1959 වර්ෂයේදී බාබඩෝස් කණ්ඩායම නියෝජනය කරමින් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති රයිට් මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7000කට අධිකයි . ඔහු සර් ගාෆිල්ඩ් සෝබර්ස්, සර් විවියන් රිචර්ඩ්ස් වැනි ක්‍රිකට් දැවැන්තයන් සමඟින් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ඔහු 1962 වර්ෂයේදී එංගලන්තයට සංක්‍රමණය වී තම අනාගත දිවිය එංගලන්තයේ ගත කිරීමට තීරණය කරමින් කේ‍රාම්ප්ටන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය සමඟින් එක් වී තිබෙනවා.

තම විශ්‍රාම යෑම සම්බන්ධයෙන් ‘විස්ඩන්’ සඟරාව වෙත අදහස් දක්වා ඇත්තේ මෙසෙයි..

“මෙතරම් දීර්ඝ ක්‍රීඩා දිවියක් ගත කිරීමේ රහස මා තවම දන්නේ නැහැ. එය දැන සිටියානම් බොහොම සතුටින් ඒ රහස කියන්න තිබුණා. මම ආසා කරන හැම දෙයක්ම ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වුවත් මද්‍යසාර භාවිතය නම් ඉතාමත් අඩුයි. මම ඉතාමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටිනවා. කෙසේ වෙතත් පුහුණුවීම් මඟහැරීමේ උපක්‍රමයක් ලෙසින් පමණයි මම වයස යොදා ගන්නේ. වයස්ගතවීමත් සමඟින් මගේ ශරීරයේ ඇති වන වේදනා සහ කැක්කුම් මැඬපවත්වා ගැනීමේ ක්‍රමයක් ලෙසින් ක්‍රීඩාශීලී ජීවන රටාවක් අනුගමනය කිරීමට මම හුරුවී තිබෙනවා. මා අකැමැතිම කාර්යය පුටුවකට බර වෙලා රූපවාහිනිය නැරඹීමයි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!