Gossip

නුවර කතක් සිය බිළිඳිය රුපියල් 2000ට විකුණලා මාට්ටු

cvr

මාස 09ක් වයසැති බිළිඳියක අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එම කාන්තාව විසින් රුපියල් දෙදහසක මුදලකට තම මාස 09ක් වයසැති බිළිඳි දැරිය පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේ මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර කාන්තාව විදේශගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර වන අතර විදේශගතව සිටියදී අදාළ බිළිඳු දැරිය ප්‍රසූත කර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම කාන්තාව ගලහ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකාරිය රැකියාවේ නිරතව සිටි නිවසේ සේවය කළ ඉන්දීය ජාතිකයෙකු සමග පැවැත්වු අනියම් සබඳතාවක් හේතුවෙන් අදාළ දැරිය බිහිකර ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව එම කාන්තාව සේවය කළ නිවසේ හිමිකරුවන් විසින් ඇය පොලීසියට භාර දී ඇති අතර ඇය බන්ධනාගාර ගත කිරීමට ද එරට අධිකරණය පියවර ගෙන තිබේ.

ඉන් අනතුරුව ඇය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යළි මෙරටට එවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

බිළිඳියක සමග යළි අදාළ කාන්තාව භාර ගැනීම ඇයගේ ස්වාමි පුරුෂයා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම බිළිඳිය මුදලට අලෙවි කිරීමට සැකකාරිය කටයුතු කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම සැකකාරිය අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මහනුවර කොට්ඨාශ කාන්තා කාර්යංශය අද දෙරණට සඳහන් කළේය.

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!