Gossip

කොරෝනා වෛරසයට සමාන තවත් වෛරසයක් ඔස්ට්‍රේලියාවෙන් – වීඩියෝ

කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නෙන් මේ වන විට පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසයට සියයට සියයක් සමාන වෛරසයක් මෙම විද්‍යඥයින් කණ්ඩායම සොයා ගෙන ඇති බවයි.
එලෙස ප්‍රතිනිර්මාණය කළ කොරෝනා වෛරසය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසයට සරිලන ඖෂධයක් නිර්මාණය කිරීමට පහසුකම් සලසමින් මෙම වෛරසය නිපදවා තිබෙනවා.
විද්‍යාඥයින් පවසන්නේ ප්‍රතිනිර්මාණය කළ කොරෝනා වෛරසය, මේ වන විට පැතිර යන කොරෝනා වෛරසය පාලනය සඳහා සැළකිය යුතු ඉදිරි පියවරක් වනු ඇති බවයි.
චීනයද මීට පෙර කොරෝනා වෛරසය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දැරුවද මේ වන විට පැතිරෙන වෛරසයට සියයට සියයක් සමාන වෛරසයක් ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වුයේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!