Gossip

වෘෂභ තුලා සිකුරට යයි – ඔබට බලපා‍න්නේ කෙසේද?

1

ජ්‍යෙතිෂවේදයේ තරුණ ස්‌ත‍්‍රියකට සමාන කරන සිකුරු ග‍්‍රහයා ග‍්‍රහ වළල්ලේ දීප්තිමත්ම ග‍්‍රහයා වෙයි. සිකුරු කාමයට අධිපති වේ. ලෞකික අශාවන් සිකුරුගෙන් ලැබෙයි. සැප සම්පත්, ගේ දොර ඉඩකඩම් වාහන ලාබ සිකුරුගේ බලය අනුව සිදු වේ.

ආදරය, කරුණාව, ගුණවත් බව, රූප සෝභාව, ආලය පිළිබඳ කටයුතු සංගීතය, නළුනිළි, කලා කටයුතු ආදී දේවල් සිකුරු කේන්ද්‍රයේ පිහිටි අයුරින් දැනගත හැකිය.

සිකුරු ශුභව පිහිටීමෙන් පෙනුම හැඩ කරයි. සිකුරු දුර්වලව සිටි විට ස්‌ත‍්‍රී/පුරුෂ පක්‍ෂයෙන් නින්දා අපහාස, ලෞකික සැප නොලැබීම, අවිශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම. ලෙඩ රෝගවලට ගොදුරුවීම වැනි අශුභ ඵල ගෙන දෙයි. කේන්ද්‍ර සටහනේ 01-04-07-10 ස්‌ථාන සිකුරට ශුභයි. 02-12 වැනි ස්‌ථානද නරක නැත. සිකුරු 03 සිටිමෙන් රූපය ලස්‌සන වෙයි. 06.08.12 යන තැන්වල සිකුරු සිටීමෙන් (දුබලව) රෝග පීඩාවලට ලක්‌ වේ.

වෘෂභ – තුලා රාශී දෙක සිකුරුට ස්‌වක්‍ෂේත‍්‍ර වෙයි. මීන රාශිය උච්චයි. මිථුන – මකර කුම්භ රාශි 03 මිත‍්‍ර වෙයි. කටක – සිංහ රාශි දෙක සතුරුයි. කන්‍යා රාශිය නීච වේ. සෙසු රාශි සම වේ. (මේෂ – වෘශ්චික – ධනු*

2016 සැප්තැම්බර් 19 දා (සඳුදා* මධ්‍යම රාත‍්‍රි 12.00 පසුවී විනාඩි 05 ට සිකුරු තුලා රාශිගතවී එහි ඔක්‌තෝබර් 13 දා දක්‌වා ගමන් කරයි. තුලා රාශියට සිකුරු ස්‌වක්‍ෂේත‍්‍ර වන අතර ඔබේ ලග්නයට සිකුරු මාරුව බලපාන්නේ මෙසේය.

මේෂ

සිකුරු 07 වැන්නේ ගමන් කරන නිසා අවිවාහකයන්ට උසස්‌ විවාහ ජීවිතයක්‌ ගත කිරීමට මංගල යෝග උදාවෙයි. අපක්‍ෂපාතීව කටයුතු කරයි. වෛද්‍ය සේවා කටයුතුවල නියෑළී සිටින අයට ඉතා ශුභයි. සමාජ කටයුතුවලින් ගෞරව ලැබෙයි. හවුල් ව්‍යපාරවලින් වාසි අත් වේ. දියුණුව උදාවෙයි.

වෘෂභ

ලෙඩ රෝග හා සතුරු කරදරවලින් මිදීමට පුළුවන. කොයි කාටත් හොඳින් සලකයි. ගව මහීෂ සතුන්ගෙන් ප‍්‍රයෝජන ලබයි. ඉඩම් වතුපිටි දේපළවලින් ආදායම් ලැබිය හැකිය. පාලන බලතල හිමි වේ. කොයි කාගේත් සිත් දිනාගෙන කටයුතු කරයි. අපක්‍ෂපාතී වේ. ගෞරවය රැුකගනී.

මිථුන

05 වැන්නේ සිකුරු ගමන් කිරීම ඔබට ඉතා ශුභය. මිනිස්‌ ගුණධර්ම පුුරුදු පුහුණු කරගනී. සදාචාර සම්පන්නයි. විනෝදය සතුට ගෙන දෙන කටයුතුවල යෙදෙයි. ආලය, පේ‍්‍රමය පිළිබඳ කටයුතු ඇතිකර ගනී. ආලය මත අවිවාහකයන් විවාහ කටයුතු කර ගනී. දියුණු පරිසරයක ජීවත්වීමට ලැබේ. වාසනාවන්ත දරුවන් ලබයි. ඔවුන් රුවින් ලස්‌සන වේ.

කටක

ජීවන ගමන උසස්‌ තත්ත්වයකට පමුණුවයි. ගෘහ ජීවිතය වාසනාවන්තයි. පදිංචි ස්‌ථාන අලංකාරයෙන් තබාගනී. සමගිය, සමාදානය අගය කරයි. තම උත්සාහයෙන්ම දේපළ සපයා ගනී. ඉගෙන ගන්නා අයට යහපත් කාලයකි. දේපළ ඉඩම් වාහන ලාබ ලබයි. කොහොම නමුත් සිකුරු 04 ගමන් ගැනීම ඔබට ශුභයි.

සිංහ

03 වැන්නේ සිකුරු ගමන් කරන නිසා නිරෝගී වේ. රූප ශොභාව වර්ධනය වෙයි. ඥාන ශක්‌තිය දුර්වලයි. සහෝදරාදීන්ගේ දියුණුව සඳහා කටයුතු කරයි. අහංකාර ගතියක්‌ නැත. පිරිසිදුවට සිටීමට කැමැතියි. සමගිය සමාදානය අගය කරයි. සකසුරුවම පවතී. සහෝදර සම්බන්ධතා හොඳින් පවත්වා ගනී.

කන්‍යා

02 වැන්නේ සිකුරු ගමන් කරන නිසා අන්අයගේ සිත් දිනා ගන්නා පරිදි කථා කරයි. මුහුණේ ලස්‌සන පෙනුමක්‌ ගෙන දෙයි. පුරුෂයන්ට ස්‌ත‍්‍රීන්ද, ස්‌ත‍්‍රීන්ට පුරුෂයින්ද සිත් ඇදගැනීමේ ශක්‌තිය ඇතිවේ. විවාහකයන්ට ශුභයි. මුදල් ලාභ හිමි වේ. තත්ත්වයේ උසස්‌ බවක්‌ ඇති වේ.

තුලා

සිකුරු ලග්නගතව සිටීම ඉතා ශුභයි. සංගීත කලා කටයුතු ප‍්‍රියකරයි. තමාගේ උත්සාහයෙන්ම දියුණුව උදාකර ගනී. අන්‍යයන්ගේ සිත් දිනාගනී. ශරීරය වෙහෙස කරවීමට කැමැති නැත. සැහැල්ලූ‍ ජීවිතයක්‌ ගත කරයි. වැඩ කටයුතු උසස්‌ අයුරින් කරගනී. දේපළ ලැබීමට භාග්‍ය ඇත.

වෘශ්චික

12වැන්නේ සිකුරු ගමන් කිරීමෙන් කරුණාවන්ත වෙයි. අන්‍යයන් උදෙසා කටයුතු කරයි. දුර බැහැර අය සමඟ ආශ‍්‍රය ඇතිකර ගනී. විවාහය ප‍්‍රමාදවීමට පුළුවන. එහෙත් සාර්ථක විවාහයක්‌ කරගනී. අන්‍යයන් සමඟ ආරවුල් ඇතිවිය හැකිය. විදේශ ගමන් බිමන් යෙදිය හැකිය. වියදම් අධිකයි.

ධනු

සිකුරු 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. සාමය, සමාදානයට කැමැතියි. කොයි කා සමඟත් සුහදව කටයුතු කරයි. අවිවාහකයන්ගේ විවාහ කටයුතු ඉක්‌මන් වේ. පිිරිස්‌ බලය ලබයි. හම්බ කිරීමට දක්‌ෂයි. ආදායම් තත්ත්වය යහපත්ය. ඥානවන්ත දරුවන් ලබයි. සමාජ සේවා කටයුතුවල නියෑළේ.

මකර

10 වැන්නේ සිකුරු ගමන් කිරීම නිසා සදාචාර සම්පන්නයි. වැඩට කාර්යශූරයි. ඉගෙන ගන්නා අයට ඉගෙනීම් කටයුතු හොඳින් කරගත හැකිය. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබයි. අලංකාර ගෘහයක වාසය සිදු වේ. ඉඩම් දේපළ ලබයි. වාහන ලාබද හිමි වේ. ප‍්‍රසිද්ධියට පත් වේ.

කුම්භ

සිකුරු 09 වැන්නේ ගමන් කරන නිසා ආගම දහමට ලැදිව කටයුතු කරයි. දැන උගත් අය ආශ‍්‍රය කරයි. පියාට ඇති ආදරය වැඩි වේ. දේපළ හිමිකම් ලැබේ. අධ්‍යාපන කටයුතුවල නියෑළී සිටින අයට ශුභයි. පේ‍්‍රම සබඳතාවයන් මත විවාහය සිදු වේ. ව්‍යාපාරවලට වඩාත් ශුභයි.

මීන

08 වැන්නේ සිකුරු ගමන් කිරීමෙන් රූපය ලස්‌සන වෙයි. සහෝදර ඵල හීනයි. ළඟින් ආශ‍්‍රය කරන අයගෙන් කරදර ඇති වේ. මානසික වෝදනා ගෙන දෙයි. ආලය පිළිබඳ අදහස්‌වලින් සිතට දුක්‌ ගෙන දේ. විවාහකයන්ට තරමක්‌ අශුභයි. තමාගේ පාඩුවේ වැඩකර ගනී. මුත‍්‍රා ආබාධ, වකුගඩු ආබාධ ඇති වේ.

ජ්‍යොතිෂවේදී
ආර්. ඇම්. ටී. බී. රත්නායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!