Gossip

පොලිස් නිල ඇදුම් කට්ටලයක් හා අත් විලංගුවක් සමග 2ක් අල්ලයි

පොලිස් නිල ඇදුම් කට්ටලයක් සහ බන්ධානාගාර දෙපාර්තමේන්තුවට අයත් අත් විලංගුවක් සමග පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ගමන් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම ත්‍රීරෝද  රථය පරික්ෂා කිරීමේදී එහි තිබී ව්‍යාජ වාහන අංක තහඩුවක්, ව්‍යාජ රක්ෂණ සහතිකයක්, ව්‍යාජ ආදායම් බලපත්‍රයක්, පොලිස් නිලධාරින්ගේ නිල ඇදුමක්, බඳ පටි 02ක්, බන්ධනාගාර නිලධාරින්ගේ හිස් වැසුම් 02ක් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත් විලංගුවක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන් අංගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 40 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද (19)කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුල්ලේරියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!