Gossip

“එයා නැත්තම් මට පිස්සු හැදෙයි.ඒක මගේ වාසනාව. මගේ ජීවිතේ හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙනවා”

අනුරාධා එදිරිසිංහ කියන්නේ දැන් ජනප්‍රිය තරුණ පරපුරේ නිළියක්

කවුරුත් ආදරේ කන මේ නිළිය ගැන සතිඅන්ත පුවත්පතක ලියවුණු ලිපියක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

අනුරාධා මේ දවස්වල වැඩ ගොඩක පැටලිලා නේද..?
ඔව්… නාට්‍ය කිහිපයකම වැඩ කරගෙන යනවා.

ඒ කියන්නේ වැඩ ජයයි වගේ..?
ඔව්. ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා.

රංගනය කියන්නේ අනුරාධාට අහම්බයක්ද..?
මම අවුරුදු දහතුනේ දි රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. තාත්තා ඒ කාලේ මට කිව්වා දැන් ඇති ඒවට සම්බන්ධ වුණා කියලා. මගේ ඉගෙනීම් කටයුතුවලට බාධාවක් වෙයි කියලා හිතලා තමයි තාත්තා එහෙම කිව්වේ. 2015දී නැවත මම රංගනයට පිවිසීම අහම්බයක්.

ආයෙත් රංගනයට එද්දී පවුලේ අය අනුරාධාගේ ගමනට හරස් කැපුවේ නැද්ද..?
නැහැ. මගේ තාත්තත් මම රඟපාද්දි ඒවා දැකලා සතුටු වුණා. මගේ අම්මයි, අයියයි වුණත් මම කරන දේවල්වලින් සතුටු වෙනවා. මගේ තාත්තා මීට අවුරුද්දකට විතර කලින් නැති වුණා. මම හිතනවා මගේ තාත්තගේ ආශීර්වාදය මට තියෙනවා කියලා. තාත්තා ඉද්දි මාව වැඩවලටත් එක්ක ගියා.

ඒ කියන්නේ අනුරාධාගේ හෙවණැල්ල වුණේ තාත්තද..?
මගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් කෝමා තත්ත්වයට පත්වෙලා මාස අටක් විතර හිටියා. ඒ කාලෙදි මගේ අම්මටත් මාත් එක්ක වැඩවලට එන්න බැරි වුණා. නැත්නම් තාත්තා හරි අම්මා හරි මම වැඩවලට යද්දි මාත් එක්ක ආවා. තාත්තා නැතිවුණාට පස්සෙ රූගත කිරීම්වලට යද්දි අම්මා මාත් එක්ක ආයෙත් එනවා.

අම්මාව යන යන තැන එක්කගෙන යන්නේ ක්ෂේත්රය ගැන තියෙන බය නිසා ද..?
මම ක්ෂේත්‍රයට අලුත්. නමුත් මට ආශ්‍රය කරන්න ලැබිලා තියෙන්නේ ගොඩක් හොඳ පිරිසක්. මේ ක්ෂේත්‍රය හරි සුන්දරයි. බය වෙන්න දෙයක් මේ ක්ෂේත්‍රයේ මට දැනිලා නැහැ. ආරක්ෂාවට කෙනෙක් ඕන කියලත් මට දැනිලා නැහැ. සමහරු ඉන්න විදිය අනුව බලපෑම් එල්ල වෙනවද මම දන්නෙත් නැහැ.

සමහරු කියනවා අලුතෙන් එද්දි ඒ කෙනාව දැලේ දාගන්න දඟලන අය ඕන තරම්ලු. අනුරාධාටත් එහෙම දැනිලා තියෙනවද..?
මට එහෙම දෙයක් වෙලා නැහැ. ඒක මගේ වාසනාව. මගේ ජීවිතේ හැම දෙයක්ම හොඳ විදියට සිද්ධ වෙනවා. මට අහිමි වුණේ මගේ තාත්තා විතරයි.

රංගනයේ අවස්ථා ගන්න නම් අධ්යක්ෂවරු එක්ක නිෂ්පාදකවරු එක්ක වැඩි ඇයි හොඳයි තියාගන්න ඕනෙලු. විශේෂ තැන්වල නිතර පේන්න ඉන්න ඕනෙලු. ඇත්තද මේ කතාව..?
මම ක්ෂේත්රයට එද්දි ආවේ ස්ක්‍රීන් ටෙස්ට්වලින් පාස් වෙලා. ඊට පස්සේ ටෙලි නාට්යවල රඟපානවා දැකලත් මට අවස්ථා ලැබුණා.

මම මේ ක්ෂේත්‍රයේ හිමින් ගමනක් ආවේ. මම ඉන්න අවශ්‍ය තැන්වලට යනවා. අවස්ථා ගන්න බලාගෙන විශේෂ අවස්ථාවලට යන්නෙවත් විශේෂ අය ආශ්‍රය කරන්නෙවත් නෑ.

අනුරාධාට රංගනයෙදි සීමා තියෙනවද..?
මට සීමා දාගන්න තරමේ චරිත ලැබිලා නැහැ. හැබැයි මම ගොඩක් ඇඳුම් ගැන සැලකිලිමත් වෙනවා. ටෙලි ඩ්රාමාවල නම් කොහොමත් ලිමිට් තියෙනවනේ. මියුසික් වීඩියෝවලත් සීමා දාගන්න ඕන තරමේ දේවල් මට ලැබිලා නැහැ.

සරාගික දර්ශන ට්රෙන්ඩ් එකේ මියුසික් වීඩියෝවක් ලැබුණොත් අනුරාධා එකඟ වෙනවද..?
ඒ වගේ මියුසික් වීඩියෝ නම් මම කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් මගෙන් බලාපොරොත්තු වෙනවා නම් මම හිතනවා මගෙන් ඒ වගේ දෙයක් සාර්ථක වෙන එකක් නෑ කියලා.

අනුරාධා දැන් පෙම්වතියක්ද..?
තාම පෙම්වතියක් නෙවෙයි.

අනුරාධා ක්ෂේත්රයේ නළුවෙක්ට ආදරේ කරලා බූට් තිබ්බා කියලා කතාවක් පැතිරෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද..?
ඒ කවුරු ගැනද කියන්නකෝ.

චමීරට..?
අම්මෝ… චමීර කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නා මුලින්ම එකම නාට්‍යයක රඟපෑවා. අනෝජා වීරසිංහ මහත්මියගේ “අභින” පාඨමාලාවටත් අපි සම්බන්ධ වුණේ එකට. අපි ගොඩක් ක්ලොස්. නිතර නිතර එකට දකිද්දි ඔහොම කතා හැදෙනවනේ.

එතකොට චමීරගෙයි අනුරාධාගෙයි ආදර සම්බන්ධයක් තිබ්බේ නැද්ද..?
අපි අතර ආදර සම්බන්ධයක් තිබ්බෙත් නෑ. එහෙම ආදර සම්බන්ධයක් ඇති වෙන්නෙත් නෑ. එක එක අය එක එක කතා කොහොමත් අපි ගැන කියනවනේ.

චමීර තාමත් අනුරාධාගේ යාළුවෙක් ද..?
ඔව්. එයා නැත්තම් මට පිස්සු හැදෙයි. එයා විතරක් නෙවෙයි මාධව, දිනෙත්, දසුන්, ධනුක, ෂෙහානි, විනු මේ වගේ යාළුවෝ ගොඩක් මට ඉන්නවා. මුල ඉඳන් හිටපු යාළුවෝ එක්ක මම ළඟින් ඉන්නවා. ඉතිං ඒ නිසා වෙන්න ඇති චමීරටයි මටයි කතා හැදුණෙත්.

අනුරාධා මොන වගේ පෙම්වතෙක්ද බලාපොරොත්තු වෙන්නේ..?
අම්මගෙන්, තාත්තගෙන් ආදරේ ලැබුණට පෙම්වතෙක්ගෙන් ආදරය ලැබෙනවා කියලා මම හිතන්නේ නැහැ. මාව වටින කෙනෙක් ලැබුණොත් මම ආදරේ කියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!