Gossip

“අනේ අයියා ඕවට කර ගහලා පොලිසි ගානේ යන්න බැහැ” – රට වෙනුවෙන් පෙරට ආ සෙබළෙකුගේ පණ රැකගත්තු උතුම් මිනිසා

මිනිස් ජීවිතයක් ලබන්න ලොකු පිනක් කරන්න ඕනේ.
සංසාරේ කරපු පිංවල මහිමයෙන් ලැබෙන මේ ජීවිතේ අකාලයේ නැතිකරගන්න සිද්ධි ගැන අපිට දැන් දැන් නිතරම අහන්න ලැබෙනවා.
මේකට කදිම උදාහරණයක් තමයි කෝච්චියට බෙල්ල තියලා ජීවිත නැතිකරගත්තු තරුණියන් වගේම තරුණයන්.
පසුගිය දවස් කිහිපයේම ඒ වගේ සිද්ධි කිහිපයක්ම වාර්තා වුණා.
අපි ඔබට කියන්න යන්නේ ඒ හා බැදුණු හැබැයි ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ගැනයි.
උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රියට ගෙලතබා ජීවිතේ නැතිකරගන්න උත්සහ කරපු ආබාධිත යුද හමුදා සෙබළෙකුගේ ජීවිතයක් බේරාගන්න අනුරාධපුර මහාධිකරණයේ සේවයේ නියුතු නීතිඥ වරයෙකුට පුළුවන් වෙලා.
තමන්ගේ බිරිඳ සමග ඇතිකරගත්තු ආරවලකින් සිත රිදුනු මේ අනුරාධපුර පැත්තේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන මේ ආබාධිත සෙබලා කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ ශීඝ්‍රගාමි දුම්රියට බෙල්ල තියලා ජීවිතේ නැතිකරගන්න උත්සහ කරලා.
මේ උතුරු දුම්රිය මාර්ගයට අසල මාර්ගයක ශරිර සුවතාවේ යෙදී සිටි නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා මේ සිද්ධිය දැකලා ඔහුගේ ජීවිතේ බේරගෙන තිබුණේ කරදරයකදි අහක බලාගෙන යන මිනිස්සු අතරේ මනුස්සකම හැමෝටම කියලා දෙමින්.
මේ සිද්ධියෙන් පස්සේ මනුස්සකම පිරුණු මේ නීතීඥවරයා කියලා තිබුණේ මේ වගේ කතාවක්.
“මම හැමදාම හවසට මේ මාර්ගයේ ඇවිදිමින් ශරීර සුවතාවේ යෙදෙනවා.
සිද්ධිය වුණු පසුගිය 18දා උත්සවයකට සහභාගි වු නිසා ප්‍රමාද වෙලා තමයි මම සුවතාවේ යෙදුණේ. අනුරාධපුර තැපැල් කන්තෝරුව ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගයේ දුම්රිය මාර්ගය අසලින් රාත්‍රී අටට පමණ ඇවිදිමින් යද්දි මම දැක්කා පුද්ගලයෙකු බිම දිගාවී රේල් පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නවා.
මම දැනගත්තා තවත් ටික වෙලාවකින් මේ දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරනවා කියලා. මම එතනට කිට්ටු වෙලා බලද්දි මේ පුද්ගලයා කටින් සෙමදාගෙන තමයි හිටියේ.
කවුරුහරි මේ පුද්ගලයව මරලා දාලා මෙතනට ගෙනත් දාන්න ඇති කියලා හිතුන නිසා මම බයවුණා. ඒත් මම ලං වෙලා බලද්දි ඔහු හුස්ම ගන්නවා මම දැක්කා.
මම කිව්වා ඔතනින් අයින් වෙන්න කියලා. ඒක අහපු නැති නිසා මම ටිකක් සැරෙන් කතා කරලා කකුලෙන් ඇදලා ඔහුව අයින් කළා.
ඔහු මට පරුෂ වචනයෙන් බැන වැදුනා. මම දැක්කා ඔහු කෘතිම පාදයක් පැළද සිටිනවා කියලා. ආබාධිත රණවිරුවෙක් වෙන්න ඇති කියලා හිතාගෙන මම ඔහුගෙන් ඇහුවා ඔයා ආබාධිත රණවිරුවෙක් නේද ඇයි ජීවිතේ නැතිකරගන්න හදන්නේ කියලා.
පස්සේ ඔහු මට කිව්වා තමන් හමුදාවේ සේවය කළ අයෙකු බවත් බිරිඳ සමග ඇතිවුණු අමනාපකමක් නිසා මේ විදිහට දුම්රියට බෙල්ල තියලා ජීවිතේ නැතිකරගන්න උත්සහ කළා කියලා.
පස්සේ මම ඔහුට කිව්වා ඔයා රට ජාතිය බේරගන්න ගිහින් කකුලකුත් නැති කරගෙන ඉන්නේ.ඔයාලා වගේ අයගේ ජීවිත අපිට හුඟක් වටිනවා කියලා.
මෙම සෙබලා දුම්රිය මාර්ගයෙන් ඉවත් නොවුණු නිසා මම අනුරාධපුර පොලිසියට කතා කරලා සිද්ධිය ගැන කිව්වා.ඒ වෙලාවේ පොලිස් නිලධාරියා කිව්වේ මේ වේලාවේ එවන්න නිලධාරීන් නැහැ කියලා. පස්සේ මේ ගැන අනුරාධපුර දුම්රිය ස්ථානයට කතා කරලා දැන්වූවා.
එතකොට කිව්වේ පොලිසියට දන්වන්න කියලා.
ඒ වෙලාවේ එතනින් ගිය කෙනෙකුට මම කිව්වා ඔහුව ඉවත් කරමු කියලා.‘අනේ අයියා ඕවට කර ගහලා පොලිසි ගානේ යන්න බැහැ‘ යැයි පවසා ඔහු යන්න ගියා.
විනාඩි පහක් විතර යද්දි කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය ආවා.
මට හිතුනා මොහු දුම්රියට පනීවි කියලා. ඒ නිසා මම එතනම හිටියා.
කොහොම හරි පොලිස් නිලධාරින් පැමිණෙන විට දුම්රිය එම ස්ථානයෙන් ගමන් කර විනාඩි 20ක් පමණ ගත වෙලා.
පොලිස් නිලධාරීන් ඇවිත් පරීක්ෂා කර බලා ඔහු පැමිණි ත්‍රීරෝද රථය, එම රථයේ ඉදිරි අසුන මත තිබු මුදල් පසුම්බිය ජාතික හැඳුනුම්පත සොයාගෙන ඔහු අධික බීමතින් සිටි නිසා පොලිසියට අරගෙන යන්න කටයුතු කළා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!