හොලිවුඩ්

ISIS ත්‍රස්තයින්ට සුප්‍රකට Anonymous හැකර්වරුන්ගෙන් සයිබර් ප්‍රහාරයක්! (වීඩියෝ)

cyber

ලෝකයේ සිටින දැවැන්තම හැකර් සංවිධානය වන “ඇනෝනිමස්” (Anonymous)  හැකර් සංවිධානය ISIS සංවිධානයට යුධ ප්‍රකාශකොට වීඩියෝවක් නිකුත්කොට තිබෙනවා.

ISIS සංවිධානයට එරෙහිව එදා මෙදාතුර සිදුකරන ලද විශාලතම සයිබර් ප්‍රහාරය එල්ලකරන බවද ඔවුන් විසින් එම වීඩියෝවෙහි සඳහන්කොට තිබේ.

“ලොවපුරා විසිරි සිටින Anonymous හැකර්වරු ඔබව දඩයම් කරනවා..අපි ඔබව සොයාගන්නා බවත් ඔබට ගැලවී යාමට ඉඩ  නොදෙන බවත් ඔබ දැනගත යුතුයි. යන්න එම වීඩියෝවේ සඳහන් කර තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවරට ISIS ත්‍රස්තවාදීන් විසින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 129 දෙනෙකු මියගිය අතර පුද්ගලයන් 415 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගතකොට තිබුණි.

මෙම ප්‍රහාරයෙන් පසුව ලොවපුරා සංවිධාන එම සිදුවීම හෙලාදැක ප්‍රකාශ නිකුත්කොට තිබුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!