Gossip

පුවත් මවන්නියක්‌ වෙන්න කැමැති නැහැ – මමත් ආසයි කසාදයක්‌ බැඳලා පවුල් ජීවිතයක්‌ ගතකරන්න – අංජුලා රාජපක්‍ෂ

යොවුන් රංගන ශිල්පිණී අංජුලා රාජපක්‍ෂ කියන්නේ වැඩිය මාධ්‍ය ඉදිරියට එන්න අකමැති චරිතයක්‌. සිනමාවෙන් ඇයව වැඩිපුර දකින්න නොලැබුනත් ටෙලිනාට්‍ය හරහානම් ඇය හුඟක් දුරට රසිකයින්ට දැකගන්න පුළුවන්. ඒවගේම තමයි ඇය මේ දවස්වල දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය හරහාද දැකගන්න පුළුවන්. ඇගේ නවතම තොරතුරු සති අන්ත පුවත්පතක සංවාදයකට එක්වෙමින් සඳහන් කර තිබුනේ මේ විදිහටයි.

අංජුලාව අල්ලගන්න හරි අමාරුයි. මොකද ඒ ?
අනේ එහෙම දෙයක්‌ නැහැ.

වැඩිපුර මාධ්‍ය ඉස්‌සරහට එන්නේ නැත්තේ ඇයි ?
එහෙම දෙයක්‌ නැහැ. කාලයක්‌ වැඩිය පේන්න හිටියේ නැහැ. දැන් නම් දිගටම පෙනෙන්න ඉන්නවා ? කාලයක්‌ නොපෙනී හිටියේ නැහැ. කවදාටත් මගේ ටෙලිනාට්‍යයක්‌ විකාශනය වුණා. දැන් වෙනස තියෙන්නේ එක දිගට ටෙලිනාට්‍ය කිහිපයක්‌ විකාශනය වෙන එකයි.

අංජුලාට කවදාවත් වැඩවලින් අඩුවක්‌ වෙලා නැහැ ?
දෙයියන්ගේ පිහිටෙන් නම් එහෙම අඩුවක්‌ වෙලා නැහැ.

හැබැයි අංජුලාව සිනමාවෙන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ ?
ඒ කතාවේ නම් ඇත්තක්‌ තියෙනවා. සිනමාවෙන් නම් මාව වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ.

ඇයි ඒ. කාගෙන් හරි කැපිලි කෙටිලි තියෙනවාද?
අනේ නැහැ. ආරාධනා නොලැබුණා නෙමෙයි. ලැබුණා. ඒත් මම තවමත් බලාගෙන ඉන්නවා වාණිජ සිනමාවට වැඩිය කලාත්මක සිනමාවට සම්බන්ධවෙන්න.

යමක්‌ කරන්න පුළුවන් කලාත්මක සිනමාවේ විතරද?
ඔව්. මම වෘත්තියක්‌ විදිහට මුලින්ම තෝරාගත්තේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයනේ. සිනමාවටත් ආරාධනා නොලැබෙනවා නෙමෙයි. මේ වෙනකොට චිත්‍රපට හතක වැඩකරලා තියෙනවා. මම කොහොමත් වාණිජ රැල්ලේ සිනමාවට කැමැති නැහැ.

නාට්‍යවලින් කොච්චර දකින්න ලැබුණත් පත්තරවලින් දකින්න ලැබෙන්නේ නැහැ ?
ඔව්. මම පත්තරවල ඉන්නවා නම් ඇත්තටම අඩුයි.

ඒකට හේතුව මොකක්‌ද?
මගේ තියෙන ආඩම්බරකම නෙමෙයි.

එහෙනම් ?
හැම තිස්‌සේම මම හිතන දෙයක්‌ තමයි වැඩක්‌ කරලා කතා කරන්න ඕනෑ කියලා. නිකං බොරුවට පත්තරවල පිටු පුරවන්න මම කැමැති නැහැ. ඒක තමයි හේතුව.

වැඩක්‌ නොකර පත්තරවලට කතා කරන්නේ නැහැ. එහෙමද?
මම නම් හිතන්නේ මොකක්‌ හරි විශේෂ හේතුවක්‌ තියෙන්න ඕනෑ කියලා. එහෙම නැතිව මාධ්‍යයට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැතිවෙනවානේ. ඒ වගේම බලන අයටත්. තේරුමක්‌ නැහැනේ. ඇත්තටම මම මීඩියා ඉස්‌සරහ එනවා අඩුයි. හැබැයි මම වෘත්තීය මට්‌ටමේ වැඩවලට සහභාගි වෙනවා.

ඇයි මේ නිශ්ශබ්දව ඉන්න හදන්නේ ?
මම කොහොමත් නිශ්ශබ්දව ඉන්න කැමැති චරිතයක්‌. ටෙලිනාට්‍යවලින් මාව විවිධ චරිතවලින් දකින්න ලැබෙන එකට කැමැතියි.

පත්තරවලින් මොකක්‌ හරි අසාධාරණයක්‌ වෙලා තියෙනවාද?
අනේ කවදාවත් නැහැ. එදා ඉඳන් අදවෙනකම් පත්තරයකින්වත් ගොසිප් එකකින්වත් වෙබ් අඩවියකින්වත් මාව අපහසුතාවයට පත්වෙන ප්‍රවෘත්තියක්‌ පළවෙලා නැහැ. එහෙම
ගැටලුවක්‌ නෙමෙයි. ඒක මගේ පෞද්ගලික දෙයක්‌. අනික හැමතිස්‌සේම වුණත් පත්තරවල ඉන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. කොටින්ම කිව්වොත් පුවත් මවන්නියක්‌ වෙන්න කැමැති නැහැ. මට ඕනෑ වැඩටික කරගෙන පාඩුවේ ඉන්න.

සැබෑ ජීවිතයෙත් ටෙලිනාට්‍යවල ඉන්නවා වගේ දඩබ්බර චරිතයක්‌ද?
එහෙම නෙමෙයි. කවුරු හරි මට බැණගෙන ආවොත් ඉවසන්න පුළුවන් සීමාවක්‌ තියෙනවා. ඒ සීමාවෙන් එහාට ගියොත් මටත් කේන්ති යනවානේ. එහෙම නැතිනම් රණ්‌ඩුසරුවල් කරන චරිතයක්‌ නෙමෙයි.

පුද්ගලික ජීවිතයේ ළඟදීම වෙනසක්‌ වෙන්න යනවා කියන්නේ ?
පුද්ගලික ජීවිතය පැත්තෙන් වෙනසක්‌ නැහැ.

තනිකඩ ජීවිතය නිමා කරන්න?
තනිකඩ ජීවිතය නිමාකරන්න ඕනෑමද?

පිළිවෙලක්‌ වුණොත් ?
ඉතිං මේ පිළිවෙලක්‌ වෙලානේ ඉන්නේ. ඇයි මේ දැන් ඉන්න විදිහ අවුල්ද?.

විවාහය ගැන කෙලින්ම කිව්වොත් ?
විවාහයක්‌ වෙන්නත් ඕනෑ. නමුත් ඒකට, අනේ මන්දා බලමුනේද?

විවාහ යෝජනා එමටයිනේද ?
විවාහ යෝජනා එනවා නැත්තේ නැහැ.

වැඩි සද්ද බද්ද නැතිව විවාහය සිදුකරන්නද හදන්නේ ?
අපි වගේ කෙනෙකුට සද්ද බද්ද නැතිව විවාහ උත්සව තියා කිසිම දෙයක්‌ කරන්න බැහැ ඔයගොල්ලෝ වගේ කට්‌ටිය ඉන්නකම්. හැංගිලා කිසිම දෙයක්‌ කරන්න දැනට අදහසක්‌ නැහැ. ලබන සතියේ ඒක වෙනස්‌ වුණොත් මට කරන්න දෙයක්‌ නැහැ හොඳේ.

ළඟදී විවාහ වෙන කතාව සත්‍යයක්‌ ?
එහෙම කියන්න බැහැ. කවදාහරි දවසක විවාහ වේවි. මමත් ආසයි කසාදයක්‌ බැඳලා පවුල් ජීවිතයක්‌ ගතකරන්න. නමුත් ඒකට හරියන වටපිටාවක්‌ තියෙන්න ඕනෑ. අපි බලමු ඉතිං.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!