තරු හුට පට

මැතිව්ස්ට තැන අහිමිවෙයි (වීඩියෝ)

1

පසුගිය දා පැවති දකුණු අප්‍රිකාණු ක්‍රිකට් පිල සහ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා පිල ජයගත්තානේ.

කොහොම හරි මෙම තරඟයේදී ආධුනික ක්‍රිඩකයින් පන්දු යැවීමෙන් ඔවුන්ගේ දක්ෂතා ලෝකයටම පෙන්නුවා.

මෙම තරඟය අතරතුර ක්‍රිඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාදයකට ලකවුණා.

මේ හේතුවෙන් ඔහු ඉතාමත් අසීරුතාවයකින් තමයි පන්දුවට පහරදීලා තරඟය ජයග්‍රහණය කරා ගෙනගියේ.

කොහොම හරි මැතිව්ස්ගේ පාදයේ ආබාධය හේතුවෙන්  ඔහුට ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත තරඟ අහිමි වන බව වාර්තා වෙනවා.

ඔහුව  සති තුනක් හතරක්  විවේක ගැන්වීමට තීරණය කිරීම  නිසා   මෙලෙස ඔහුට ඉදිරි තරඟ අහිමි වන බව වාර්තා වෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟය සහ එක්දින තරඟ පහ ඊට අමතව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟ තුනක් මෙසේ ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිවීමට නියමිතව තිබෙනවා.

මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් අද දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇති බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් සමඟ, ධනුෂ්ක ගුණතිලක සහ  නුවන් ප්‍රදීප් අද දිනයේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!