Gossip

” බබාව හදන්න ඕනෑ ලංකාවේ සංස්කෘතියටයි”- අනර්කලී ලංකාවට ඇවිත් කියපු කතාව

ආකර්ෂණීය රංගන ශිල්පිණියක් ලෙස කලක් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ රැදී සිටි අනර්කලී ආකර්ශා දිගු කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. සිය විවාහයත් සමඟ විදෙස් ගතවූ ඇය ඇමරිකාවේ ජීවත්වන අතර මෙරටට පැමිණීමෙන් පසු සති අන්ත පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.

* අනර්කලී, විශේෂ හේතුවකට ද ඔබ ලංකාවට එන්නේ?

ඒක විශේෂ හේතුවක් නෙවෙයි. විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. මගේ සැමියා ඩිෂාන් දිග කාලයක් අමෙරිකාවේ ජීවත් වුණේ. මට ඔහුට මගේ රටේ ලස්සන ගැන පෙන්වන්න ඕනෑ වුණා. ඒ වගේම විවාහයෙන් පස්සේ අපි ලොකු කාලයක් ලංකාවේ ගත කළේ නැහැ. 2015 මම ලංකාවෙන් ගියා. මේ පාර ආවේ ලොකු නිවාඩුවකට, ඒක ලංකවේ ගත කරලා හස්බන්ඩ් එක්ක රට වටේම යන්න.

* කොහෙ කොහෙද ගියේ?

අපි ගියා නුවර, නුවරඑළිය, ගාල්ල ආදි බොහෝ තැන්වලට. ඒ අතරින් සැමියා නුවරඑළියට ගොඩක් ආස වුණා.

* කොහොමද අමෙරිකාවේ ගත කළ ජීවිතය ඔබට දැනුණේ?

අමෙරිකාව හරි වෙනස්. හරිම වේගවත් රටක්. කාලය ඉක්මනින් ගත වෙනවා වගේ දැනෙනවා. සංස්කෘතියත් වෙනස්. හරිම විවෘතයි ඒ රටේ මිනිස්සු. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න අයිතියක් තියෙනවා. කවුරුවත් ඒවා දිහා වැරැදි ඇහෙන් බලන්නේ නැහැ. එහෙ අය විවේචනය කරන එක අඩුයි. ඇත්ත කතා කරන්න බය වෙන්නේ නැහැ. මං ඔය දේවල් කිව්වේ අමෙරිකාව ගුඩ් කියලා කියන්න නෙවෙයි. වෙනස පහදන්න ඕන නිසා. අමෙරිකාව කොච්චර වෙනස් වුණත් මට ලංකාවට නම් සමාන කරන්න බැහැ.

* ලංකාව ගොඩක් මතක් වෙනවා වගෙයි?

ගොඩාක් මතක් වෙනවා. මං හීනෙකින්වත් හිතුවේ නැහැ මං වෙනත් රටක පදිංචි වෙන්න වේවි කියලා. ලංකාවේ ජීවත් වෙන්නයි මං බලාපොරොත්තු වුණේ. නමුත් මට යන්න වුණා. කොච්චර දුරක හිටියත් හිතින් මං ලංකාවේ ජීවත් වෙනවා.

* මෙවර ලංකාවට ආවහම රංගනයට ආරාධනා ලැබුණේ නැතිද?

රංගනයට නම් නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ටෙලි නාට්‍යවලට වඩා මං ආසාවෙන් ඉන්නේ චිත්‍රපටවල රඟපාන්න. චිත්‍රපටයකට කතා කරලා තියෙනවා. ඒ හින්දා ලබන දෙසැම්බර් ලංකාවට ආයෙත් එන්න හිතාගෙන ඉන්නවා. මට ලොකු වුවමනාවක් තියෙනවා සිංහල සිනමාව වෙනුවෙන් යමක් කරන්න. ඒ අදහසින් තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න හදන්නේ. ඒකත් ලබන වසරේදී සිදුවේවි.

* එහෙත් ඔබ ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක නේද?

ඒක මට ලොකු ගැටලුවක් වුණා. පාසලේදි මට කතා කරන්නට වුණේ ඉංග්‍රීසියෙන්. ජීවිතේ ගෙවුණෙත් අමුතු පරිසරයක. ඒකෙන් පිටතට අවාම පිටත අමුතු ලෝකයක් තියෙනවා කියලා හිතුණා. ඒ ලෝකය සුන්දරයි කියලත් හිතුණා. මං අම්මගෙන් ඒ ගැන ඇහැව්වා. අම්මා හරහා මං අපේ සංස්කෘතිය ගැන ඉගෙන ගත්තා. ඒ කාලේ මට හරියට සිංහල බැහැ. හරියට නෙවෙයි පොඩ්ඩක්වත් බැහැ. නමුත් මං ටික ටික සිංහල ඉගෙන ගත්තා. අපේ සිනමාවට සම්බන්ධ වුණෙත් අපේ සිංහලකමට ආස නිසා.

* මවක් වෙන්න දැන්මම බලාපොරොත්තුවක් නැතිද?

මං ළමයින්ට හුඟක් ආසයි කියලා මගේ හිතවත් අය දන්නවා. ඇත්තටම මං ළමයින්ට ආදරෙයි. ඒත් මං දැන්මම මවක් නොවේවි. මොකද තවම ඒ ගැන හිතලා නැති නිසා. මවක් වෙන්න පෙරුම් පුරන්න තව ටික කාලයක් යාවි.

* කවදා හරි මවක් වුණ දවසටත් ඔබ අමෙරිකාවේද ජීවත් වන්නේ?

අපෝ නැහැ. මවක් වුණ ගමන් මං බබත් එක්ක ලංකාවට එනවා. බබාව හදන්න ඕනෑ ලංකාවේ සංස්කෘතියට අනුව. ලංකාව ගැන ඔක්කොම කියා දෙන ගමන් මං බබාව ලංකාවේ හදනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!