තරු හුට පට

අමෙරිකාවට අපලයි – කාන්තාවන්ට තර්ජන!

america

මේ  දවස්වල අමෙරිකානු මහද්වීපයට ටිකක් අපලයිනේ. එක පැත්තකින් හිම කුණාටු අනිත් පැත්තේ  වෛරසයක් බෝ වේගෙන යනවා ඒ රටට.

මදුරුවන් හරහා බෝ වන ‘සිකා’ වෛරසය පසුගිය වසරේ මැයි මාසයේ ඉඳලා බ්‍රසීලය තුළ සීග්‍ර ලෙස පැතිර යමින් තිබෙනවා.

උපතේ දී ඇති වන ආබාධිත තත්වයන් හා සම්බන්ධ ‘සිකා’ (Zika) වෛරසය කැනඩාව සහ චිලී රාජ්‍ය හැර ඇමරිකානු මහද්වීපය පුරා පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

‘ඒඩස්'(Aedes) මදුරුවා හරහා ‘සිකා’ වෛරසය පැතිරෙන නමුත් පර්යේෂකයන් පවසන්නේ වෙනත් මාර්ග ඔස්සේද වෛරසය පැතිර යන්න පුළුවන් කියලා.

මේ ‘සිකා’ වෛරසයේ බලපෑමෙන් මොළය ඌන වශයෙන් වර්ධනය වූ දරු උපත් දහස් ගණනක් වාර්තා වෙනවා. සමහර රටවල් කියලා තියෙනවා කාන්තාවන්ට ගැබ් ගැනීමෙන් වැළකී සිටින්න කියලා.

මේ වෛරසයේ රෝග ලක්ෂණ වෙන්නේ සුළු උණ, සිරුරේ හන්දි වල වේදනාව ඇති වීම සහ හිසේ කැක්කුම.

රටවල් විසි එකක මේ වෛරසය වැළඳුනු පුද්ගලයන් සොයා ගෙන කියලා තමා වාර්තා වන්නේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!