Gossip

අමීර්ට ‘කිං ඛාන්’ කිරුළ භාරගන්න බැහැලු

aaa

සුපිරි නළු අමීර් ඛාන්ට මේවනවිට බොලිවුඩයේ කිං ඛාන් කිරුළ හිමිව ඇතත් එය ඔහුට භාරගන්න බැහැ කියලා අමීර් ‘කෝයි මෝයි’ වෙබ් අඩවියට කියලා තියෙනවා.

අමීර් කියලා තියෙන්නේ ‘පීකේ’, හා ‘දංගල්’ චිත්‍රපට ඉන්දියාවේ රුපියල් කෝටි 700ක ආදායමක් ලැබුනත් තමාට බොලිවුඩයේ කිං ඛාන් වෙන්න බැහැ කියලයි.

ශාරුක් ඛාන්, සල්මාන් ඛාන් වැනි සුපිරි බොලිවුඩ් තරු ඉන්නකොට ඔහුට කිං ඛාන් කිරුළ අභියෝගයක් කියලා තමයි ඔහු කියලා තියෙන්නේ.

කොහොමවුනත් ලොවපුරා දැනට තිරගත වන ‘දංගල් ’ චිත්‍රපටය ‘පීකේ’ චිත්‍රපටය විසින් උපයාගෙන ඇති ඉන්දීය රුපියල් කෝටි 792 සීමාවට ලඟා වෙමින් තිබෙනවා.

අමීර් ඛාන්ගේ මීළඟ චිත්‍රපටය 2018 වර්ෂයේ දී තිරගත වීමට නියමිතයි. එම චිත්‍රපටය හැමෝම දන්න ‘පීකේ’ චිත්‍රපටය මෙන් වෙනස්ම කතාවක් වෙයි කියලා තමයි ආරංචි වුනේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!