Gossip

පිටසක්වල ජීවීන් ඇත්තයි..ඇසින් දුටු සාක්ෂි මෙන්න

ලෝක ප්‍රකට විශේෂඥයකු හා කතුවරයකු වූ ෆිලිප් මැන්ටල් අවුරුදු බොහෝ ගණනක් තිස්සේ අද්භූත අහඹු හමුවීම් සිය ගණනක් ඉතා ගැඹුරින් පරීක්ෂණයට භාජන කළ විද්වතෙකි. හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ සිද්ධි පහක් සම්බන්ධයෙන් ඔහු කළ පරීක්ෂණවලදී අනාවරණය වුණු එහෙත් මෙතෙක් හෙළිදරව් නොකළ තොරතුරු, පළමුවැනි වරට හෙළි කර ඇත. යෝර්ක්ෂයර්හි මවක හා දරුවන් හය දෙනකුට දක්නට ලැබුණු පිටසක්වළ ජීවීන් තුන් දෙනකු ගැන තොරතුරුද ඊට ඇතුළත්ය.

හඳුනා නොගත් ආකාශ වස්තු පිළිබඳ බි්‍රතාන්‍ය පර්යේෂණ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ හා එම ආකාශවස්තු පිළිබඳ විශාලතම ජගත් සංවිධානයේ බි්‍රතාන්‍ය නියෝජිත ෆිලිප් මැන්ටල්, ‘අවුටර් ලිමිට්ස්’ (ර්ණීභබඥප ඹ්ඪථඪබඵ) සඟරාව විසින් “හඳුනා නොගත් ආකාශ වස්තු” සම්බන්ධයෙන් ලබන මාසයේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණයේදී ඔහුගේ පර්යේෂණ ගැන ප්‍රථම වතාවට කතා කිරීමට නියමිතය.

විංග්කොමාන්ඩර් මවිතයට පත් කළ දර්ශනය

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ හිටපු සේවා අධීක්ෂක විංග් කොමාන්ඩර් ඇලන් ටර්නර්, 1971දී හැම්ප්ෂයර්හිදී ආකාශ වස්තු කීපයක් සුපර්සොනික් ගුවන් යානයක වේගයට සමාන වේගයකින් අඩි 3,000 සිට 60,000 දක්වා ඉහළ නැඟෙනු දැකීමෙන් අතිශය විස්මයට පත්විය. එකල තිබුණු කිසිම ගුවන් යානයකට එම වේගයෙන් පියාසර කිරීමට හැකියාව නොතිබුණු බව ටර්නර් පැවැසීය. තමා පමණක් නොව තවත් කීප දෙනකුත් ඒ විස්මය ජනක දර්ශනය දුටු බවද ඔහු සඳහන් කළේය.

පිය පුත් දෙදෙනාගේ කැමරාවට හසු වූ පියාඹන පීරිසිය

රෝයි කීන් හා රැල්ෆ් කීන් යන පිය පුතු දෙදෙනා 1995 වසරේ දවසක ඔවුන්ගේ නිවෙස පසුපස එළිමහන් බිමෙහි සිටියදී අෑත අහසේ යානා කීපයක් පාවෙනු ඔවුනට දක්නට ලැබිණි. එම යානා, මේ ඡායා රූපයෙහි දැක්වෙන පරිදි පියාඹන පීරිසිවලට සමාන වූ අතර පිය පුතු දෙදෙනාම ඒවා ඡායාරූපගත කළහ.

ඒවා විශ්ලේෂණයට භාජන කළ විශේෂඥ ඡායාරූප ශිල්පියෙක් ඒවා ව්‍යාජ ඡායාරූප නොවන බව තහවුරු කළේය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදීද එවැනිම යානයක් පිය පුතු දෙදෙනාගේ කැමරාවලට හසු විය. ඔවුන් දෙදෙනා බලා සිටියදීම අහසෙහි මඳක් එක තැන රැඳී සිටි යානය, ක්ෂණිකව අධික වේගයෙන් පසෙකට ඇදී ගියේය.

වැඩිම වේලාවක් දර්ශනය වුණු ආකාශ වස්තුව

1985 දී ලැන්කැෂයර්හි ඩාර්වන් ප්‍රදේශයේදී ජොශපින් හොවාර්ඩ් මහත්මිය විසින් දක්නා ලද ආකාශ වස්තුව දැක්වෙන ඡායරූපය විග්‍රයට ලක් කළ ෆිලිප් මැන්ටල් ප්‍රකාශ කළේ, එය වැඩිම වේලාවක් දර්ශනය වුණු ආකාශ වස්තුව බවය. එය හොවාර්ඩ් මහත්මියගේ හිසට ඉහළ අහසේ විනාඩි අටක කාලයක් තුළ අඛණ්ඩව දර්ශනය වී ඇත. හොවාර්ඩ් මහත්මිය නිවෙසින් පිටත තිබුණු ඇගේ කාරය වෙත යන ගමන් නිකමට මෙන් උඩ බැලූ විට, කාරයක ඉදිරි පස පහන් වැනි වටකුරු එළි දෙකක් දක්නට ලැබුණු නමුත් එයින් ආලෝක ධාරා නොවිහිදිණි.

ආකාශ වස්තුව ඇගේ හිසට ඉහළ අහසට පැමිණියේ කිසිදු ශබ්දයක් නොමැතිවය. හොවාර්ඩ් මහත්මිය කියා ඇති පරිදි, ඉතා විශාල ආකාශ වස්තුවේ යටි පැත්තේ ඇණ කුඩුම්බි වැනි විශාල වටකුරු කොටස් කීපයක් තිබිණි. විනාඩි අටක පමණ කාලයක් හොවාර්ඩ් මහත්මියගේ හිසට ඉහළ අහසේ සැරිසැරූ ආකාශ වස්තුව අන්තිමේදී ඉතා අධික වේගයකින් අෑතට ඇදී ගියේය.

හංගේරියානු කාන්තාවගේ උදරයේ විස්මයජනක සලකුණු

1991 දී හංගේරියානු කාන්තාවකගේ උදරයේ ඇති වුණු තුවාල සම්බන්ධයෙන් වෛද්‍යවරුනට පවා නිශ්චිත විස්තරයක් කරන්නට නුපුළුවන් වීම තමාට මෙතෙක් ලැබුණු විස්මය ජනක අත්දැකීම යැයි හඳුනා නොගත් ආකාශවස්තු පිළිබඳ විශේෂඥ මැන්ටල් ප්‍රකාශ කරයි. එම කාන්තාව ඇගේ සැමියාද සමඟ නිවෙසෙහි සිටියදී බිත්තරයක හැඩයෙන් යුත් අඳුරු පැහැති යමක් ඇගේ කුස්සිය හරහා, හඬක් නඟමින් වේගයෙන් ඇදී ගියේය. කෙනකු ඉතා වේගයෙන් පිඹින්නාක් වැනි රළු හඬක් එයින් නිකුත් වුණු බව එම කාන්තාවද පවසා ඇත.

ගත වූයේ මොහොතකි. අතිශය අද්භූතාකාර පෙනුමෙන් යුත් කාන්තාවක් නිවසේ කාන්තාව ඉදිරියෙහි පෙනී සිට ඇය දෙස සෘජුව බලාගෙන උන්නාය. මොහොතකට පසු එම අද්භූත කාන්තාව, අනෙක් කාමරයට එන ලෙස නිවෙසේ කාන්තාවට සන් කළ හෙයින් ඇය එම කාමරයට ඇතුළු වනවාත් සමඟම අද්භූත කාන්තාව අතුරුදන් වූවාය. දවස් කීපයකට පසු දිනක් නිවැසි කාන්තාව තද නින්දේ සිටියදී, අද්භූත කාන්තාව කතා කරන්නාක් මෙන් හඬක් ඇසී නිවෙසේ කාන්තාව ක්ෂණිකව අවදි වූවාය.

ඒ සමඟම, ඇගේ අතක් ඔසොවන ලෙස අද්භූත කාන්තාව ඇගෙන් ඉල්ලා සිටි හෙයින්, ඒ අනුව අත ඔසවත්ම වැළමිටෙහි ඉතා දරුණු වේදනාවක් ඇයට දැනිණි. ඒ වන විට ගෙවත්තේ කුඩා සතරැස් කුටියක් වැනි ආවරණයක් තුළ තමා සිටින්නාක් මෙන් නිවැසි කාන්තාවට දැනුණු අතර, අද්භූත කාන්තාව අතුරුදන්ව සිටියාය. නිවෙසේ කාන්තාව පසුදා උදේ අවදි වෙද්දී ඇගේ උදරයෙහි එතෙක් නොතිබුණු කැළැල් කීපයක් දක්නට ලැබිණි.

බටහිර යෝර්ක්ෂයර්හි “මෙක්සිකන් තොප්පිය”

මෙක්සිකන් තොප්පියේ හැඩයෙන් යුත් පියාඹන පීරිසියක් බටහිර යෝර්ක්ෂයරයේ වෙස්ටර්මන් නමැති කාන්තාවකට හා ඇගේ දරුවන් හය දෙනාටද ඔවුන්ගේ නිවෙස ආසන්නයේම අහසෙහි දක්නට ලැබිණි. තමා මෙතෙක් අනාවරණය නොකළ මේ සිද්ධියද වෙස්ටර්මන් මහත්මිය තමාට දුරකතනයෙන් දැනුම් දුන් බව ෆිලිප් මැන්ටල් ප්‍රකාශ කරයි.

දිනක් සවස් යාමයේ වෙස්ටර්මන් මහත්මියගේ අට හැවිරිදි දියණිය, ගෙවත්තේ සිට කෑ ගසා ගෙන ගෙට දුවවිත්, “අම්මේ! අම්මේ! අපේ වත්තට අහස් යාත්‍රාවක් බැහැලා! ඉක්මනට එන්න බලන්න!” යැයි මවට කීවාය. නිවෙසින් පිටතට පැමිණි වෙස්ටර්මන් මහත්මියට දක්නට ලැබුණේ, ඇගේ නිවෙසේ සිට යාර සියයක් පමණ එහායින් වූ ඉඩමෙහි මෙක්සිකන් තොප්පියක හැඩයෙන් යුත් අඳුරු පැහැති යමකි.

රිදී පැහැයෙන් දිලිසෙන ඇඳුමෙන් යුත් ඉතා උස මිනිස්සු තුන් දෙනෙක් සිටියහ. ඔවුහු බිම වැටී තිබුණු කළු පැහැති යමක් දක්වමින් ඒ දෙසට අත් දිගු කළහ. වෙස්ටර්මන් මහත්මියත් දරුවොත් ඉදිරියට ගොස් ඔවන්ගේ ඉඩම සීමාවේ වැට ළඟ නතර වූහ. එවිට ආගන්තුක මිනිස්සු තුන් දෙනා බිම තිබුණු ද්‍රව්‍යයේ අනෙක් පැත්තට ගියහ. මොහොතකින් එය සෘජුව අහසට නැඟිණි. මඳ වේලාවක් ගුවනෙහි රැඳී සිට යළි ඉතා අධික වේගයකින් අෑත ගුවනට ඇදී ගියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!