තරු හුට පට

ඉන්දීය පෙම්වතාගේ කෝටි 14ට විද්දැයි කියන අක්ෂා සුදාරිට රට යාම තහනම්

010

අක්ෂා සුදාරි කියන නම මෑත කාලයේ වඩාත් කතා බහට ලක්වූයේ ඇය ඉන්දීය ජාතිකයෙකුගේ රුපියල් කෝටි 14ක මුදලක් වංචා කළැයි කියන චෝදනාව එක්කනේ. මෙම චෝදනාවට දැන් අක්ෂාට නඩු වැටිලා තියෙන්නේ. නඩුව දැන් විභාග වෙනවා. මේ විභාග වන නඩුවේ එක් අදියරක් ඊයේ පැවැත්වුණා. එහිදී අක්ෂා සුදාරි ඉල්ලීමක් කරලා තිබුණා ඉන්දියාවට යන්න අවසර දෙන්න කියලා. ඒත් ඒ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (26) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය ජාතිකයකු සමග ප්‍රේමයෙන් වෙළී ඔහුගෙන් රුපියල් කෝටි 14ට අධික මුදලක් වංචා කළා කියලයි අක්ෂා සුදාරිට චෝදනාව තියෙන්නේ. පෞද්ගලික අවශ්‍යතාවක් වෙනුවෙන් ඉන්දියාවට යෑමට අවසර ලබා දෙන ලෙස සඳහන් කරමින් සැකකාරිය විසින් නීතිඥ සරත් සොයිසා මහතා මගින් මෝසමක් ගොනු කරලා මෙම ඉල්ලීම කරලා තිබුණා. ඒ වෙලාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණත් ඇයට විදේශගත වීමට අවසර ලබා දීමට විරෝධතා ඇත්නම් ලබන 04 වැනිදා අධිරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

බොරලැස්ගමුවේ පදිංචි ගමගේ ආශා කුමාරි නැතිනම් ආක්ෂා සුදාරි (28)  සිදුකළැයි කියන මෙම වංචාවට අදාළව රුපියල් 25,000ක මුදල් සහ රුපියල් කෝටි තුනක ශරීර ඇප මත මුදාහැරීමට පසුගිය ජුලි මස 13 වැනිදා නියෝග කෙරුණා. එම අවස්ථාවේ ඇප කොන්දේසියක් වශයෙන් සැකකාරියට විදේශ ගමන් තහනමක් පැනවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණේ නො. 35, කාම්රාජ් නගර්, චෙන්නායි – 39, තමිල්නාඩු, ඉන්දියාව ලිපිනයෙහි පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩකිප් (54) නමැති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්.බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයකු විසින් ඉකුත් ජුනි 21 වැනිදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ පැමිණිලිකරු  සැකකාරියගේ මෙම ගිණුම්වලට එවා ඇති මුදල් ඇය  වියදම් කළ ආකාරය  ප්‍රකාශ කිරීමට සැකකාරිය අපොහොසත් වී ඇති බැවින් මේ ගැන 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදු කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!