තරු හුට පට

සේයා අමතකද? – කොණ්ඩයාත් කෝටි 5ක් ඉල්ලන හැටි

10

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියට පාපතරයෙකුගෙන් අත්වූ ඉරණම ගැන දැන් කාට කාටත් නිනව්වක් නැති තරම්. මේ සිද්ධිය රටපුරා පහුගිය දවස්වල උණුකැවුම් වගේ කතා  බහට ලක්වුණා මතක ඇති. මේ සිද්ධිය නිසාම මරණ ඳඩුවම ලබාදීම ගැනත් කතා බහ මතුවුණා. දැන් ඒ කතා ඔක්කොම අතීත කතා විතරයි.

ඒ වුණාට මේ කතාවේ ප්‍රධාන සැකකරු කොණ්ඩයාගේ අයියා දැන් ඉන්නේ රිමාන්ඩ් එකේ. කොණ්ඩයා නම් නිදහසේ ඉන්නවා. නිදහසේ ඉන්න කොණ්ඩයාගේ කතාව තමයි දැන් මේ කියන්න යන්නේ. සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මහත් ආන්දෝලනයකින් පසු නිදහස් කළ  කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත පොලිසියට එරෙහිව කෝටි 5 ක වන්දි ඉල්ලා නඩුවක් පවරලා.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරමින් කියා තිබෙන්නේ සේයා දැරිය ඝාතනයට කිසිදු සම්බන්ධයක් නැති තමා දින ගණනාවක් අත්අඩංගුවේ රඳවාගෙන අමානුෂික ලෙස පහරදීමෙන්  පොලිස් නිලධාරීන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනූව පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂ බී. ආර්. එන්. ආර්. නාගහමුල්ල රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරලා තියෙනවා.

සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් 32 හැවිරිදි අවිවාහක තරුණයෙකු වන දුනේෂ් ප්‍රියශාන්ත අත්අඩංගුවට පත්වූයේ පොලිසියට බියෙන් කැලයක සැඟවී සිට පසුව කනත්තක සිටියදීය. මොහු සම්බනධයෙන් පෙර වැරදි තිබීමත් ඒ නිසා මොහු පොලිසියට බියක් දැක්වීමත් නිසා පොලිසිය දුටු විට ඔහු පළායන්නට තැත් කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අත්අඩංගුවට පත්ව තිබූ බවත්, කියැවුණා.

සේයා සෙඳව්මි දූෂණය කර ඝාතනය කළේ තමන් යැයි කොණ්ඩයාගේ වැඩිමල් සොයුරු වන සමන් පසුගියදා උසාවියේදී පිළිගෙන තිබෙනවා. කොහොම කොහොම හරි සේයා ඝාතනයට සැකපිට මුලදීම  අත්අඩංගුවට පත් 17 හැවිරිදි පාසල් සිසුවාත් මීට ඉහතදී පොලිසියට එරෙහිව වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!